අකිල විරාජ්ගේ පාසල් නිල ඇඳුම් වංචාවකට එරෙහිව ගුරුවරු අල්ලස් කොමිසමට

පසුගිය සැප් 19 දින අධ්‍යාපන අමාත්‍යවරයා විසින් නුසුදුසු දිරාගිය පාසල් නිල ඇඳුම් තොගයක් සහා ඉන්දියානු සමාගමකට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 2372 ක් ගෙවීමට කැබිනට් අනුමැතිය ගැනීමට එරෙහිව ලංකා ගුරුසේවා සංගමය අද (16) අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. 2016 වර්ෂයේ දී මෙසේ ගෙන්වන ලද මෙම රෙදි තොගය රවි කරුණානායක මහතාගේ සහ ඔහුගේ දියණියගේ ගුදම්වල තවමත් ගබඩා කර ඇති බවත් මේ වන විට මෙම රෙදි අවපැහැ ගැන්වී පාසල් දරුවන්ගේ නිල ඇඳුම් සඳහා නුසුදුසු රෙදි බවත් රටේ ජනතාවගේ බදු මුදලින් මෙම නුසුදුසු රෙදි සඳහා මුදල් ගෙවීමට කටයුතු කරමින් සිටින බවත් මෙම පැමිණිල්ල සඳහා පෙනී සිටි ලංකා ගුරුසේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සහෝදරයා පවසයි. මෙම අවස්ථාවට එම සංගමයේ සභාපති දම්මික අලහප්පෙරුම, භාණ්ඩාගාරික ප‍්‍රියන්ත ලියනගමගේ යන සහෝදරවරුද සහභාගී විය.

මෙහිදී දැක්වූ අදහස් සහිත හඩ පටය පහත පලකර ඇත

.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *