අධ්‍යාපන සමූපකාරයේ නැවත වරක් කොල්ල කන්න ඉඩ දෙන්නේ නෑ – මහින්ද ජයසිංහ

බොරු චෝදනා 8 ක් දමා උසාවියට කරුණු වසන් කරමින් කුමන්ත‍්‍රණකාරී ලෙස අධ්‍යාපන සමූපකාරය පාලනය බිඳ දැමීමට කටයුතු කරමින් සිටින බව ලංකා ගුරුසේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සහෝදරයා පවසයි.
අධ්‍යාපන ආමත්‍යාංශයේ සේවයේ නියුතු සාමාජිකයෙකු ඇතුළු සාමාජිකයින් 04 දෙනෙකු විසින් අධ්‍යාපන සමූපකාරයේ වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු පසුගිය 12 වැනිදා සිට අත්හිටුවා ඇති බවත් මේ හේතුවෙන් දීපව්‍යාප්තව පිහිටා ඇති එහි දිස්ති‍්‍රක් කාර්යාල 21 ක සාමාජිකයින් 195000 කගේ සාමාජික සේවාවන් සම්පූර්ණයෙන් ඇනහිටී ඇති බවත් ඔහු මෙහිදී පැවසීය.
පසුගිය මහින්ද රාජපක්‍ෂ පාලන කාලයේදී මෙන්ම කුමන්ත‍්‍රණකාරී ලෙස අධ්‍යාපන සමූපකාරයේ බලය අත්තනෝමතික අයුරින් බිඳ දැමීමටත් ඒ හරහා සමූපකාරයේ බිලියන ගණනක් වන සාමාජික මුදල් කොල්ලකෑමේ උත්සාහයක් පවතින් බවත් ඔහු මෙහිදී පැවසීය. පසුගිය මහින්ද රාජපක්‍ෂ යුගයේදී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමතිවරයා විසින් කුමන්ත‍්‍රණකාරී ලෙස අධ්‍යාපන සමූපකාරය තුල අතුරු පාලක මණ්ඩලයක් පත්කරගෙන යමින් සාමාජික මුදල් කෝටි 5000 ක් අහිමි කර ඇති බවත් එවැනිම තත්වයක් නැවත ඇතිකරලීම සඳහා වර්තමාන ආණ්ඩුව කටයුතු සූදානම් කරමින් තිබෙන බවද මෙහිදී ඔහු පැවසීය. මෙම කුමන්ත‍්‍රණයට එරෙහිව සියලූ නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් එමෙන්ම අධ්‍යාපන සමූපකාරයේ 195000 ක් වන සියලූ සාමාජිකයින් සමග මෙම කුමන්ත‍්‍රණයට එරෙහිව විරෝධය පලකරමින් පාරට බැසීමට සූදානම් බවත් මෙහිදී මහින්ද ජයසිංහ සහෝදරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *