අධ්‍යාපන සමූපකාර පොදු සේවක සංගමයේ (EDCS) 7 වන වාර්ෂික සමුළුව සැප්. 25

වසර 88 ක ඉතිහාසයකට නෑකම් කියන අධ්‍යාපන සමූපකාර සමිතියේ (EDCS) සේවක වෘත්තීය සමිතියක් වන අධ්‍යාපන සමූපකාර පොදු සේවක සංගමය සිය 07 වන වාර්ෂික සමුළුව 2018.09.25 දින මහවැලි කේන්න්‍ද‍්‍රී ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එහි ප‍්‍රධාන ලේකම් මොනිකා කන්ඩම්බි සහෝදරයා පවසයි.
මෙම සමුලූව පැවැත්වීම පිළිබඳ අධ්‍යාපන සමූපකාර පොදු සේවක සංගමය මගින් නිවේදනයක් නිකුත්කොට ඇති අතර එහි මෙසේ සඳහන් වේ.
EDCS ඉතිහාසය පුරා වැඩි අත්දැකීම් ප‍්‍රමාණයක් සනිටුහන් වී ඇත්තේ විවිධ දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් සමිතියේ සාමාජිකයින් මෙන්ම සේවකයින් ද දැඩි පීඩාවකට මුහුණ දුන් බවටය.
1930 දී අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයට සම්බන්ධ නිලධාරීන් 27 දෙනෙකුගෙන් පිහිටුවා ගත් මෙම ස්වේච්ඡුා සංවිධානය අද වන විට ලක්‍ෂ දෙකකට අධික සාමාජික සංඛ්‍යාවකින් සැදුම් ලත් දිවයින පුරා දිස්ති‍්‍රක් කාර්යාල 21 කින් යුතු දැවැන්ත සමූපකාර සමිතියකි. මාසික ආදායම බිලියන 1000 ක් ඉක්මවනු ලබයි.
නමුත් සමිතියේ මෙම දැවැන්ත මූල්‍ය ශක්තිය නිසාම පසුගිය කාලය පුරාවටම විවිධ දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් සාමාජික පාලනයකින් තොරව දූෂිත දේශපාලන පත්කිරීම් නිසා සමිතියේ ඉදිරි ගමන බොහෝසෙයින් අඩාල විය.
පසුගිය රාජපක්‍ෂ පාලන සමයේ සිදු වූ මෙවැනි දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් සමිතියේ සේවකයින් මුහුණ දුන් විවිධ වූ දේශපාලන පලිගැනීම් හා අසාධාරණයන් හේතුවෙන් ඊට මුහුණ දීම සදහා බිහි වූ අධ්‍යාපන සමූකාර පොදු සේවක සංගමය, ආරම්භ කර පසුගිය ජුනි මස 05 වන දිනට වසර 07 ක් සම්පූර්ණ වේ.
2011.05.12 දින එවකට සමූපකාර අමාත්‍යව සිටි ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ උපදෙස් මත සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයා විසින් පත්කළ නීති විරෝධී අතුරු පාලක මණ්ඩලය විසින් සමිතියේ සේවකයින් අමු අමුවේ පීඩාවට පත්කිරිම නිසා ඊට මුහුණ දීම ස`දහා සේවක ඉල්ලීම් දිනාගනිමින් ද සමිතිය ආරක්‍ෂා කර ගැනීමේ අරමුණින් ද අධ්‍යාපන සමූපකාර පොදු සේවක සංගමය ආරම්භ විය.
අද වන විට සමිතියේ බහුතර සේවකයින්ගේ සාමාජිකත්වයෙන් සැදුම්ලත් අප සංමගය පොදු සේවක ඉල්ලීම රැසක් දිනා ගනිමින් ඉදිරියට පැමිණි අතර, පහත සදහන් මූලික කරුණු දිනා ගැනීම අරමුණු කරගනිමින් 07 වන වාර්ෂික සාමාජික සමුළුව 2018.09.25 දින මහවැලි කේන්ද්‍රීය ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට සියලූ කටයුතු සුදානම් කර ඇත.
⋆ රට රකින රට හදන ජනතා පාලනයක් ගොඩනැගීම සදහා දායක වීම.
⋆ වර්තමාන දේශපාලන බල අධිකාරිය විසින් කරනු ලබන සේවක අර්ථසාධක අරමුදල් මංකොල්ලයට එරෙහිවීම.
⋆ දිනෙන් දින ඉහළ යන ජීවන වියදම හේතුවෙන් අධ්‍යාපන සමූපකාර සේවකයින් මුහුණ දී ඇති දැඩි ආර්ථික දුෂ්කතාවයන්ට සහණයක් ලෙස රු. 10000/- වැටුප් වැඩිවීමක් දිනාගැනීම.
⋆ අධ්‍යාපන සමූපකාර සේවකයින්ට සේවක විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් දිනා ගැනීම.
⋆ අධ්‍යාපන සමූපකාර සමිතියේ සේවකයින්ට සෞඛ්‍ය සහණ රක්‍ෂන යෝජනා ක‍්‍රමයක් දිනා ගැනීම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *