උතුරු මැද රෝහල්වල හෙද වර්ජනය නවතියි – සාකච්ඡාවෙන් ඉල්ලීම් දිනති

උතුරුමැද පළාතේ අනුරාධපුර හා පොළොන්නරු දිස්ත‍්‍රික්ක වල රෝහල්හි සේවය කරන හෙද කාර්ය මණ්ඩලය ප‍්‍රධාන ඉල්ලීම් 02 ක් මුල් කර ගෙන හෙට (21) දින යොදාගෙන තිබූ අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි. අද දින (20) බලධාරීන් සමග පැවති සාකච්ඡුාවෙන් සියලූම ඉල්ලීම් ලබාගැනීමට හැකි වූ බවත් එබැවින් එම සටන ජයග‍්‍රහණය කිරීමට හැකි වූ හෙයින් එම වෘත්තීය ක‍්‍රියාමාර්ගය අත්හිටවූ බවත් සමස්ත ලංකා හෙද සංගමයේ වැඩබලන සභාපති එස්.බී මැදිවත්ත සහෝදරයා පැවසීය.
උතුරු මැද පළාතේ රෝහල් වල හෙද හෙදියන්ට 2016 සහ 2017 වර්ෂ සදහා ලැබීමට ඇති හිග අතිකාල මුදල් ලබා නොදීම. පළාත් සභාවේ රෝහල් වල සේවය කරන හෙද හෙදියන්ගේ පෞද්ගලික ලිපි ගොනු වල අඩුපාඩු නිවැරදි කිරිමට සෞඛ්‍ය බලධාරින් ක‍්‍රියා නොකිරිම යන ප‍්‍රධාන ඉල්ලීම් මුල්කොට මෙම වැඩවර්ජනය දියත් කිරීමට නියමිතව තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *