උද්ඝෝෂණයේ යෙදුණු ගුරු විදුහල්පතිවරුන්ට මැර ප‍්‍රහාරයක් ලංකා ගුරුසේවා සංගමයේ සභාපති දම්මික අලහප්පෙරුම ජාතික රෝහලට

අද දින අධ්‍යාපන සුරැකිරීමේ එකමුතුව මගින් ක‍්‍රියාත්මක කෙරුණු සංකේත වැඩවර්ජනයට සමගාමීව ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණය සඳහා මැර ප‍්‍රහාරයක් එල්ල වී ඇත. මෙම ප‍්‍රහාරයට ලක් වූ ලංකා ගුරු සේවා සංගමයේ සභාපති දම්මික අලහප්පෙරුම සහෝදරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට ඇත.
උද්ඝෝෂණයේ යෙදුනු පිරිස පෙළපාලියකින් ඉසුරුපාය ඉදිරිපිට පැමිණෙද්දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් යොදවන ලද මැරයින් විසින් එල්ල කරන ලද ගල් ප‍්‍රහාරයට ලක් වීම නිසා මෙසේ දම්මික අලහප්පෙරුම සහෝදරයා තුවාල වී රෝහල් ගත කර ඇත.
දේශපාලන උවමනාවන් මත අවිධිමත් ආකාරයට පත්වීම් ලබාදීම හේතුවෙන් ඊට එරෙහිව අද ශ‍්‍රි ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ , ශ‍්‍රි ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ හා ශ‍්‍රි ලංකා විදුහල්පති සේවයේ වෘත්තීය සමිති මෙම වැඩවර්ජනය සඳහා එක් වී සිටි අතර මෙම වැඩවර්ජනය නිසා රටපුරා පාසල් හා අධ්‍යාපන ආයතන රැසක ක‍්‍රියාකාරීත්වය ඇන හිටිනි.

One Comment on “උද්ඝෝෂණයේ යෙදුණු ගුරු විදුහල්පතිවරුන්ට මැර ප‍්‍රහාරයක් ලංකා ගුරුසේවා සංගමයේ සභාපති දම්මික අලහප්පෙරුම ජාතික රෝහලට”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *