උපාධිධාරීන් වැඩවර්ජනයකට අවතීර්ණවීමේ සූදානමක්…

ලක්‍ෂයකට ආසන්න රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරීන් හා සංවර්ධන සහකාර උපාධිධාරීන් මුහුණ දෙන වෘත්තීය ගැටලූ මෙතෙක් නොවිසඳීමට එරෙහිව දීපව්‍යාප්ත වැඩවර්ජනයකට යෑමට කටයුතු කරන බව චන්දන සූරියආරච්චි සහෝදරයා පවසයි. සංවර්ධන නිලධාරී සේවා සංගමය මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ඊයේ (22) මරදානේ මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී ඔහු මේ බව පැවසීය.
MN5 වැටුප්තලය, වැටුප් හා දීමනා වැඩිකිරීම, උසස්වීම් ක‍්‍රමවේදයක් ඇතුල් ඉල්ලීම් දිනාගැනීම සඳහා වසර 5 ක් තිස්සේ සාකච්ඡා කළද ඒ සඳහා නිසි විසඳුම් නොලැබුණු බවත් ඒ අනුව අගෝ. 31 දිනෙන් පසු වැඩවර්ජනයක් සඳහා යාමට කටයුතු කරන බවත් චන්දන සහෝදරයා මෙහිදී පැවසීය.
මෙම මාධ්‍ය හමුවේදී රැකියාලාභී උපාධිධාරී සංගමයේ ප‍්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි, සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ලේකම් උදයංග පේ‍්‍රමරත්න සහෝදරවරු දැක්වූ අදහස් සහිත හඩ පටය පහත පලකරමු.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *