උසස් පෙළ විභාග අක‍්‍රමිකතාවක් වූ බවට චෝදනා ….

පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ විභාග ශාලා අංක 02 හිි රිජකාරියේ නියුතු නිළධාරින් විසින් ලබා දුන් වැරදි උපදෙස් නිසා ඊයේ (අගෝස්තු 06 ) දින සිසුන් පීඩාවට පත් වී ඇති බව ලංකා ගුරුසේවා සංගමය චෝදනා කරයි. ආර්ථික විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රයට සිසුන් පිළිතුරු සැපයිමේදී එම ප‍්‍රශ්න පත‍්‍රයේම පිළිතුරු සැපයීමට උපදෙස්දී ඇති අතර එය නොසලකා විභාග දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන පිළිතුරු සපයන පත‍්‍ර වල පිළිතුරු සැපයීමට බල කීරිම නිසා එම සිසුන් දැඩි සේ පීඩාවට පත්ව ඇති බවත්, එහිදී එක් ශිෂ්‍යයෙකු මිට විරෝධය පල කර විභාග ශාලාවෙන් බැහැරව ඇති බවත් වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සේවා සංගමය නිවේදනයක් නිකුත් කර ඇති අතර එහිදී විභාග දෙපාර්තමේන්තුව අදාල රාජකාරී සම්බන්ධව එම නිළධාරීන්ට නිසි උපදෙස් ලබා දී තිබියදී මේ ආකාරයට එක් නිළධාරියෙකු අත්තනෝමතිකව හැසිරිම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් විභාග ප‍්‍රශ්න පත‍්‍රයට පිළිතුරු සැපයීම සදහා සුදානමින් පැමිණි සිසු දරුවන් මේ ආකාරයෙන් පීඩාවට පත් කීරිමෙන් අතිශය තරගකාරි විභාගයකදී ඔවුන්ට සිදුවන අසාධාරණය පිළිබද වගකීම ශ‍්‍රි ලංකා විභාග දේපාර්තමේන්තුව භාර ගතයුතු බවද අවධාරණය කරයි.
එමෙන්ම තම විභාග රාජකාරී වලදි මේ ආකාරයට වගකීම් පැහැර හරිමින් සිසු දරුවන් කායික හා මානසික පීඩාවට පත්වන ආකාරයට අත්තනෝමතිකව කටයුතු කළ මෙම නිළධාරියා වහාම ක‍්‍රියාත්මක වන පරිදී අදාල ධුරයෙන් ඉවත් කීරිමට කටයුතු කරන ලෙසත් එවැනි පූර්වාදර්ශයන් තුළින් මෙරට විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන විභාග වල ප‍්‍රමිතිය හා විශ්වසනීයත්වය ආරක්ෂා කර ගැනීමට හැකි වනු ඇති බවද ලංකා ගුරු සේවා සංගමය සිය නිවේදනය මගින් කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *