ඌව මහ ඇමතිට එරෙහිව ශේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් නඩුවක්

ඌව මහ ඇමති විසින් බදුල්ල දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිවරිය දණ ගැස්සවීමේ සිද්ධියට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීමට ලංකා ගුරුසේවා සංගමය අද දින කටයුතු කළහ. මෙහිදී වගඋත්තරකරුවන් ලෙස ඌව පළාත් මහ ඇමතිවරයා ඇතුලු අධ්‍යාපන බලධාරීන් කිහිප දෙනෙකු නම් කර ඇති බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සහෝදරයා පවසයි. විදුහල්පතිනිය දණගැස්වීමේ සිද්ධියට අදාලව කිසිදු පරීක්ෂණයක් මෙතෙක් අවසන්ව නැති අතර නැවත ඔහුට අධ්‍යාපන අමාත්‍ය ධුරය ලබාදීමටද කටයුතු කර ඇති බවත් ඊට සම්බන්ධ රාජ්‍ය නිලධාරිහුද නිරුපද්‍රිතව සිටින බවත් මෙහිදී මහින්ද ජයසිංහ සහෝදරයා පැවසීය. පසුගිය රාජපක්‍ෂ පාලන කාලය තුලද මෙවැනිම ආකාරයේ ගුරුවරියකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් යම් සාධාරණයක් හෝ කරගත හැකිවූයේ ගුරුවරුන්ගේ මැදිහත්වීම මත පමණක් බවද වර්තමානයේ පවා දේශපාලකයින් ගුරුවරුන්, විදුහල්පතිවරුන් මත දේශපාලන බලය මුදාහරිමින් කටයුතු කිරීමට එරෙහිව ඕනෑම ක්‍රියාමාර්ගයකට යාමට සූදානම් බවද මෙහිදී මහින්ද ජයසිංහ සහෝදරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *