ඔක්. 02 පොළොන්නරුව මහ රෝහලේ හෙද හෙදියන් අසනීප නිවාඩු

2016-2017 වසර සදහා හිග අතිකාල ලබා නොදීම, ශ්‍රේණිගත උසස්වීම් සදහා ගෙවිය යුතු හිග වැටුප් නොගෙවීම හා හෙද හෙදියන්ට විදෙස් ගතවීමට ලබාදුන් විශේෂ නිවාඩු වසර 10 ක සේවා කාලයක් සදහා අත්හිටුවී යන ප‍්‍රධාන ගැටළු නිරාකරනය කර දෙන ලෙස බලකරමින් ඔක්තෝබර් 02 දින පොළොන්නරුව මහ රෝහලේ සියළුම හෙද කාර්ය මණ්ඩලය අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.
හෙද සේවාව තුල කාලයක් තිස්සේ නොවිසදී ඇති ගැටළු ගනනාවක් නිරාකරනය කිරීමට ආණ්ඩුව හා බලධාරීන් පියවර නොගැනීම නිසා සමස්ත ලංකා හෙද සංගමය විසින් පසුගිය කාලය තුලදී විවිධ වෘත්තීය ක‍්‍රියාමාර්ග ගන්නා ලද බවත් නමුත් එකී ගැටළු විසදීමට අදාල පාර්ශව අසමත්ව ඇති බවද සමස්ත ලංකා හෙද සංගමයේ සංවිධායක ලේකම් එස්.බී. මැදිවත්ත සහෝදරයා පවසයි.
වයඹ පලාත් සභාව හැර අනෙකුත් සියළුම පලාත් සභා සහ ඇතැම් මධ්‍යම රජයේ රෝහල්වල අදාල දීමනා ගෙවා ඇතත්, පොළොන්නරුව, අනුරාධපුර, කොළඹ ශ‍්‍රි ලංකා ජාතික රෝහල ආදී බොහොමයක් රෝහල්වල අදාල කිසිදු ගෙවීමක් සිදුකර නැති බවද ඔහු පවසයි.
එසේම ඇතැම් රෝහල්වල මාස 03 ක අදාල දීමනා ගෙවීමේ ප්‍රෝඩාකාරී වැඩ පිළිවෙලකට ආණ්ඩුව යොමුවී ඇති අතර එයට විරෝධය පලකිරීමද මෙහි අරමුණක් වන අතර හෙද ව්‍යවස්ථාව සංශෝධනය නොකිරීම, වැටුප් විෂමතා නිවැරදි නොකිරීම, දින 05 සතිය ලබානොදීම, ආදී හෙද සේවාවට සංවේදී අනෙකුත් ගැටළු කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු කිරීමද මෙම විරෝධතාවයේ අරමුණක් බවද එස්.බී. මැදිවත්ත සහෝදරයා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *