ඔක්. 23 දැවැන්ත විරෝධයට පෞද්ගලික අංශයත් පෙළගැසේ

වැඩ කරන ජනතාවගේ ජීවත්වීමේ සූත‍්‍රය හදනවා වෙනුවට, ආණ්ඩුව ජීවත්වීමේ සූත‍්‍රය හදාගෙන තුන්වේල කන්න නැති ජනතාවක් නිර්මාණය කර ඇතැයි වසන්ත සමරසිංහ සහෝදරයා පවසයි. එසේම ආණ්ඩුවේ ඇතැම් තනතුරු දරන මිනිස්සුන්ට ජනතාව ගැන හැ`ගීමක් නොමැති බවත් ආර්ථිකය හැසිරවීම යනු වැඩි වන විට වැඩි කිරීමටත් ජනතාවට බදු ගසා ආදායම් සොයාගැනීමවත් බඩුමිල වැඩිකිරීමවත් නොවන බව ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසීය.
එසේම සේවක අර්ථසාධක අරමුදල වෘත්තීය සමිතිවල විරෝධතාවය හමුවේ වුවද කොටස් වෙළඳපලේ ආයෝජනය කරන බවට කම්කරු ඇමති රවින්ද‍්‍ර සමරවීර විසින් සිදුකර ඇති ප‍්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් ඒවා කම්කරු ජනතාවගේ මුදල් මිස කම්කරු ඇමතිගේ මුදල් නොවන බවත් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් වසන්ත සමරසිංහ සහෝදරයා පැවසීය.
ආණ්ඩුව අනුගමනය කරමින් යන වැඩ පිළිවෙල පිළිබඳව වැඩකරන ජනතාව තව දුරටත් ඉවසා සිටිය යුතු නැති බවත් මෙම මස 23 වැනිදා ප‍්‍රගතිශීලී වැඩකරන ජනතාව සමග කොළඹ දී දැවැන්ත විරෝධතාවයක නිරතවන බවත් වසන්ත සමරසිංහ සහෝදරයා මෙහිදී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *