ඔක්. 23 විරෝධයට ගුරු-විදුහල්පතිවරු පෙළගැසෙති

ජනාතව පීඩාවට පත්වන ලෙස බදු වැඩි කිරීම, ඉන්ධන ඇතුළු බඩු මිල වැඩි කිරීම සහ රාජ්‍ය සේවක වැටුප් ඉහළ නොදමමින් විනාශකාරී ආර්ථික ප‍්‍රතිපත්තියක ගමන් කරන වත්මන් ආණ්ඩුවට එරෙහිව කම්කරු, ගොවි, තරුණ ජනතා බලවෙග සංවිධානය කරමින් ලබන 23 වනදා කොළඹදී පැවැත්වෙන ජනතා විමුක්ති පරෙමුණේ ජනතා විරෝධතාවය ශක්තිමත් කිරීම සඳහා ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ද එක් වන බව ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සහෝදරයා සඳහන් කරයි.

සියලූ ගුරු හා විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩි නොකිරීමට හා මාස 30ක හිග වැටුප් කොල්ලයට එරෙහිව ගුරු සහ විදුහල්පතිවරු රැසක් ඔක්තෝම්බර් 23 ජවිපෙ දැවන්ත ජනතා විරෝධය හා එක්වීමට සූදානමින් සිටින බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ය.

ලංකා ගුරුසේවා සංගමයේ සභාපති ධම්මික අලහප්පෙරුම, ලංකා ගුරුසේවා සංගමයේ සංවිධායක ලේකම් ලාල් කුමාර, ලංකා ගුරුසේවා සංගමයේ කොළඹ කලාපයේ සභාපති ගයාන් සංගීත් එදිරිසිංහ යන සහෝදරවරු මෙම මාධ්‍ය හමුව සඳහා එක්වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *