කලා වාණිජ වලින් හෙද බදවා ගැනීමට එරෙහිව හෙද උද්ඝෝෂණ

සෞඛ්‍ය ඇමතිවරයාගේ අත්තනෝමතික උවමනාව මත හෙද සේවාවට කලා වාණිජ විෂය ධාරාවෙන් බදවා ගැනීමට ගෙන ඇති තීරණය ඉවත් කර ගන්නා ලෙස බල කරමින් ශි‍්‍ර ලංකා ජාතික රෝහලේ සමස්ත හෙද කාර්ය මණ්ඩලය අද දින දහවල් ජාතික රෝහල ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්විණි.
මෙරට සෞඛ්‍ය සේවාවේ ප‍්‍රතිකාර අංශයට මෙන්ම සමස්ත හෙද සේවාවේ ගුණාත්මක බවට ඉතා දැඩි තර්ජනයක් මේ හරහා ඇති වන බවත්, එමගින් ජනතාවගේ ජිවත් වීමේ අයිතිය මෙන්ම විශ්වාසයෙන් ප‍්‍රතිකාර ලබා ගැනීමේ රෝගීයාගේ අයිතිය අවධානමට ලක් වනු ඇති බවත් එබැවින් නිදහස් සෞඛ්‍ය සේවාවත්් හෙද සේවාවත් රැක ගැනීම වෙනුවෙන් ගෙන යන මෙම සටන රටපුරාම දියත් කරන බව මෙහිදී සමස්ත ලංකා හෙද සංගමයේ වැඩබලන සභාපති එස්.බී. මැදිවත්ත සහෝදරයා පැවසීය. මෙම උද්ඝෝෂණයට සමගාමීව පොළොන්නරුව, නුවර, කලූතර, අවිස්සාවේල්ල රෝහල් ඉදිරිපිටදීද මෙම උද්ඝෝෂණ පැවැත්විණි.

All-focus
All-focus
All-focus

Leave a Reply

Your email address will not be published. Required fields are marked *