කුමන ආණ්ඩුව යටතේ හෝ වැඩකරන ජනතාව ඉල්ලීම් දිනාගැනීමේ සටනට පෙළගැසිය යුතුයි. – ලාල්කාන්ත

වර්තමානයේ කුමන ආණ්ඩුව පැවතියත් සමස්ත වැඩකරන ජනතාවගේ ඉල්ලීම් ජයග‍්‍රහණය කිරීම සඳහා පෙළගැසිය යුතු බවත් එළඹෙන අයවැයේදී එම ඉල්ලීම් දිනාගැනීම වෙනුවෙන් වැඩකරන ජනතාව ඒකරාශී විය යුතු බවත් ලාල්කාන්ත සහෝදරයා පැවසීය.
අයිතීන් දිනාගැනීමට, වැඩකරන ජනතා බලයක් ගොඩනැගීමට රජයේ මුද්‍රණ සේවකයින් පෙළගස්වන 14 වන නියෝජිත සමුලූව ඊයේ (30) රජයේ මද්‍රණ සංස්ථා ක‍්‍රීඩා ශාලාවේදී පැවැත්විණු අතර එහිදී ඔහු මෙලෙස පැවසීය.
ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත සහෝදරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම සමුලූව සඳහා එහි කැඳවුම්කරු සමන්ත කෝරළේආරච්චි, රජයේ මුද්‍රණ සේවකයින්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් සරත්ලාල් සහෝදරයා ඇතුලූව සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී විය.
ලාල්කාන්ත සහෝදරයා පැවසූ කථාවේ හඩ පටය පහතින් පලකරමු.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *