‘‘ගම්පෙරළියට’’ සංවර්ධන නිලධාරීන් නැත්නම් ව්‍යෘපෘතියෙන් ඉවත්වන්න සූදානම් – චන්දන සූරියආරච්චි

මේ වන විට රජය මගින් ක‍්‍රියාත්මක කිරීමට නියමිත ගම්පෙරළිය වැඩසටහන සඳහා කිසිදු සංවර්ධන නිලධාරියෙක් නොයොදවා ඇති බවත් එය වෘත්තීය කප්පාදුවක් බවත් සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි සහෝදරයා පවසයි. සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස හඳුන්වාදෙමින් ගෙන එන ලද ගම්පෙරළිය වැඩසටහන සඳහා සංවර්ධන නිලධාරීන් යෙදවීම අනිවාර්ය නමුත් එය ඔවුන්ගේ විෂය පථයෙන් ඉවත් කර ඇත්තේ ඉතා කුමන්ත‍්‍රණකාරී ලෙස බවත් ඔහු චෝදනා කරයි. එසේම මෙය සංවර්ධන ව්‍යාපෘතියක් ද නොඑසේනම් දේශපාලන ව්‍යාපෘතියක් ද බව ඔහු චෝදනා කරයි. එබැවින් සංවර්ධන විෂයේ වගකීම සංවර්ධන නිලධාරීන්ට හිමි වන සේ අදාල චක‍්‍රලේක යළි සංශෝධනය කළ යුතු බවද නොඑසේ නම් සියලූ සංවර්ධන නිලධාරීන් මෙම ගම්පෙරළිය වැඩසටහනින් ඉවත්වීමට තීරණය කරන බවද ඔහු මෙහිදී පැවසීය. සංවර්ධන නිලධාරී සේවා සංගමය මගින් අද (19) කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
මෙහිදී ඔහු ඉදිරිපත් කළ සම්පූර්ණ අදහස් සහිත හ`ඩ පටය පහත පලකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *