ගුරුවරුන්ගේ ලේ හලපු මැරයින්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරනු

පසුගිය ජූලි 04 දින අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයේදී ගුරුවරුන්ට පහරදී තුවාල සිදු කළ මැරයින් වහා අත්අඩංගුවට ගත යුතු බවත් එම පහරදීම් සිදුවූයේ පොලිස් නිළධාරීන් ඉදිරිපිට බවත් ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ සහෝදරයා පවසයි. අද (30) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය. දේශපාලන පලිගැනීම්වලට මුවා වී අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ සිදු කරන මෙම පත්වීම්වලට එරෙහිව වෘත්තීය ක‍්‍රියාමාර්ග ගණනාවක් දියත් වූ අතර අවසන එය වැඩවර්ජනයක් දක්වා පෙළගැස්වීමෙන් පසු ජයග‍්‍රහණයෙන් නිමා විය. කෙසේ වෙතත් මේ සම්බන්ධව මහින්ද ජයසිංහ සහෝදරයා පවසා සිටියේ නැවත වරක් අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා මෙම පත්වීම් ලබාදෙන බවට ප‍්‍රකාශ නිකුත් කරමින් සිටින නමුත් එම පත්වීම් ලබාදීම ට තම සංගමය ඇතුලූ සියලූ සංගම් කිසිදු ඉඩක් නොතබන බවත්ය.
මෙම මාධ්‍ය හමුව සඳහා එම උද්ඝෝෂණයේදී පහර කෑමට ලක්වූ එම සංගමයේ සභාපති ධම්මික අලහප්පෙරුම සහෝදරාද සහභාගී විය.
මෙහිදී මහින්ද ජයසිංහ සහෝදරයා පලකල අදහස් සහිත හඩ පටය පහත පලකරමු.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *