ගුරුවරුන්ට පහරදුන් මැරයින් අත්අඩංගුවට නොගැනීම පිළිබඳව පොලිස්පතිට පැමිණිල්ලක්

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දේශපාලන පලිගැනීම්වලට මුවාවෙමින් තනතුරු ලබාදීමට එරෙහිව පසුගිය ජූලි 04 දින ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ වෘත්තීය සමිති ගණනාවක් ඒකාබද්ධව සිදුකරන ලද සාමකාමී උද්ඝෝෂණයට ආණ්ඩු හිතවාදී මැරයින් පිරිසක් විසින් පහරදීමක් සිදුකරන අතර ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්මක නොකිරීම සම්බන්ධව පොලිස්පතිවරයාට පැමිණිල්ලක් අද දින ඉදිරිපත් කෙරිණි. අධ්‍යාපනය සුරැුකීමේ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් මගින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ අතර ඒ සඳහා ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ හා එහි සභාපති දම්මික අලහප්පෙරුම, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සහෝදරවරු සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *