ගුරු හා විදුහල්පතිවරු වැටුප් සටනකට පෙළගැසේ

ගුරු හා විදුහල්පති සේවාවල වැටුප් විෂමතා 1997 සිට අවුරුදු 21 ක් තිස්සේ ඉවත්කර නැති බවත් එමෙන්ම ඉතා අඩු වැටුපකට හිමිකම් කියන ගුරු හා විදුහල්පතිවරුන්ගේ මාස 30 ක අහිමි කළ හිග වැටුප් දිනාගැනීමටත්, ආණ්ඩුව කටයුතු කළ යුතු බව ලංකා ගුරුසේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සහෝදරයා පවසයි. ඒ අනුව ගුරුවරුන්ගේ 19350 – 77400 දක්වා පරාසයක හිග වැටප් හා විදුහල්පතිවරුන්ගේ 9900 – 19350 දක්වා හි`ග වැටුප් කොල්ල කා ඇති බවත් පවසන ඔහු 240000 ක් වන ගුරුවරුන්ගේ මෙම ප‍්‍රශ්ණය ජනාධිපතිවරයා ඇතුලූ සියලූ බලධාරීන් වෙත දැනුම් දී ඇති බවත් මෙහිදී පැවසීය. එමෙන්ම මේ වන විට මෙම ඉල්ලීම් ලබාගැනීම සඳහා වන අරගලකට ප‍්‍රවේශ වෙමින් රටපුරා පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කර ඇති බවත් ලබන 17 වැනිදා සිට ජනාධිපතිවරයා වෙත භාරදීම සඳහා වන ගුරුවරුන්ගේ අතට පෙත්සමක් ලබාදීමට කටයුතු කරන බවත් ඉන් අනතුරුව උද්ඝෝෂණ හා වැඩවර්ජන දක්වා මෙම සටන පෙළගැස්වීමට කටයුතු කරන බවත් මෙහිදී මහින්ද ජයසිංහ සහෝදරයා පැවසීය.
මෙම මාධ්‍ය හමුව සඳහා ලංකා ගුරුසේවා සංගමයේ සභාපති දම්මික අලහප්පෙරුම, උප සභාපති සුන්දරලිංගම් ප‍්‍රදීප් , භාණ්ඩාගාරික ප‍්‍රියන්ත ලියනගමගේ යන සහෝදරවරුද සහභාගී විය.
මෙම මාධ්‍ය හමුවේදී මහින්ද ජයසිංහ සහෝදරයා සහ සුන්දරලිංගම් ප‍්‍රදීප් සහෝදරයා දැක්වූ අදහස් සහිත හඩ පටය මෙහි පලකරමු

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *