ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාවයට වසර 21 යි – දෙසැ. 03 සිට වෘත්තීය ක‍්‍රියාමාර්ග (Video)

ගුරු හා විදුහල්පති සේවයේ වැටුප් විෂමතාවයට මේ වන විට වසර 21 ක් ගත වී ඇති නමුත් මෙතෙක් බලයේ සිටි කිසිදු ආණ්ඩුවක් මෙම ගැටලූව විසඳීමට කටයුතු කර නැති බව අද (26) දින පැවති මාධ්‍ය හමුවකදී ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සහෝදරයා පැවසීය.

ඒ අනුව මෙම ගැටලුව පිළිබදව කරණු පෙන්වා දෙමින් අගෝස්තු 30 ජනාධිපතිවරයාටත් සැප් 25 ඔහු විසින් පත්කළ විශේෂ වැටුප් කොමිෂන් සභාවටත් ලිඛිතව දන්වා සිටි නමුත් මේ සම්බන්ධව අදාළ ආයතන විසින් ඒ සදහා ඉදිරි කටයුතු කරමින් සිටින බව දන්වා ඇති බවත්, නමුත් පැහැදිලි විසදුමක් මෙතෙක් ලැබී නැති බවත් ඔහු මෙහිදී පැවසීය.

එමෙන්ම 1997 දී මෙම සේවාවන්ට ඇතිකළ වැටුප් විෂමතාව ඉවත්කර දීප ව්‍යාප්ත සේවාවන්ට අදාළ වැටුප් පරිමාණයන් වහා ලබා දෙන ලෙසත්,  2008.07.01 දින සිට කි‍්‍රයාත්මක නව සේවා ව්‍යවස්ථා මගින් අහිමි කර ඇති මාස 30 ක මිලියන 6000 ක් පමණ වන හිග වැටුප් වහා ගෙවන ලෙසත්, ගුරුවරුන්ට පාසලේ පන්ති කාමර ඉගෙනුම් ඉගැන්වීම් කි‍්‍රයාවලියට බාධා කරන කොළ පිරවීම් ඇතුළුව ජනාධිපති කාර්ය සාධන බලකායේත්, සෞඛ්‍ය අමාත්‍යාංශයෙත්, පාසල් සංවර්ධන කි‍්‍රයාමාර්ගයේත්, අමතර වැඩ ඉවත් කරන ලෙසත්, ඒ දහා කාර්ය මණ්ඩල බදවා ගන්නා ලෙසත් බල කරන බවත් මහින්ද ජයසිංහ සහෝදරයා මෙම මාධ්‍ය හමුවේදී පැවසීය.
ඒ අනුව මීට ඇහුම්කන් නොදෙන්නේ නම් මේ වනවිටත් ජනාධිපතිවරයාට භාරදීමට ගුරුවරුන්, විදුහල්පතිවරුන් අත්සන් කරමින් තිබෙන පෙත්සම එළැඹෙන දෙසැම්බර් 03 වැනිදා භාරදීමට පැමිණෙන බවත් ඔහු මෙහිදී පැවසීය.
2019 පළමු පාසල් වාරය ආරම්භවු වහාම දිවයිනේ අධ්‍යාපන කොට්ඨාශ මුල්කරගනිමින් 300 කට අධික උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කරන බවත්. අනතුරුව ඊට ද ඇහුම්කන් නොදෙන්නේ නම් දැවැන්ත උද්ඝෝෂණ වල සිට වැඩවර්ජනයක් දක්වා කි‍්‍රයාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් මහින්ද ජයසිංහ සහෝදරයා මෙහිදී අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *