ජනපීඩක ආණ්ඩුවට එරෙහි දැවැන්ත විරෝධයට වැඩකරන ජනතාව පෙළගස්වනවා – ලාල්කාන්ත

වැඩකරන ජනතාව ඇතුලූ සියලූ ජන කණ්ඩායම් පීඩාවට පත්කමින් සිටින වර්තමාන ආණ්ඩුවට එරෙහි දැවැන්ත විරෝධය සඳහා වැඩකරන ජනතාව පෙළගැස්වීමට කටයුතු කරන බව අද පැවති මාධ්‍ය හමුවකදී ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත සහෝදරයා පැවසීය. දැන් පවතින්නේ යහපාලන ආණ්ඩුවක් නොවන බවත් ජන පීඩක ආණ්ඩුවක් බවත් පැවසූ ඔහු ඔක්. 23 කොළඹ දී පැවැත්වෙන මෙම දැවැන්ත විරෝධතාවය සඳහා පීඩාවට පත් වූ සියලූ ජන කණ්ඩායම් පෙළගස්වන බවද ඔහු මෙහිදී පැවසීය. අද (15) කොළඹ දී පැවැත්වූ මෙම මාධ්‍ය හමුව සඳහා අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ, ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, සමස්ත ලංකා සුව සේවා සංගමයේ සභාපති සමන්ත කෝරළේආරච්චි, සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි, ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල්, සමස්ත ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් ගාමිණී රත්නසිරි, රාජ්‍ය සේවා කළමණාකරන සහකාර නිලධාරීන්ගේ සංගමයේ සභාපති යූ. පලිහවඩන යන සහෝදරවරුද සහභාගී විය.

මෙම මාධ්‍ය හමුවේදී වෘත්තීය සමිති නායකයින් දැක්වූ අදහස් පහත පලවේ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *