ජයවර්ධනපුර රෝහල් අධ්‍යක්‍ෂක පත්කිරීමේ සම්මුඛ පරීක්‍ෂණ නවතයි.

අධිකරණය විසින් ලබාදුන් එකගතා හා නියෝගය, කඩ කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ජයවර්ධනපුර රෝහල් මණ්ඩලයට එරෙහිව සමස්ත ලංකා සුවසේවා සංගමය විසින් CA/Writ/246/18 යටතේ නඩුවක් ගොනු කිරීමෙන් අනතුරුව අද (06) දින එය අභියාචනාධිකරණය මගින් කැඳවා තිබුණි.
පසුගිය මැයි 18 දින අභියාචනාධිකරණය ලබාදුන් නියෝග අනුව නුසුදුසු අධ්‍යක්‍ෂකවරයෙක් වෙනුවට සුදුසු අධ්‍යක්‍ෂකවරයෙක් පත්කරන ලෙස කරන ලද නියෝග නොතකා පවතින නීතිය අභියෝගයකට ලක්කොට රෝහල් පාලක මණ්ඩලය මගින් පුවත්පත් දැන්වීම් පලකොට ඇති අතර එයට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත. වගඋත්තරකාර පාර්ශවයේ නීතීඥ මහතුන් විසින් මෙම අධ්‍යක්‍ෂකවරයා පත්කර ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ නොපැවැත්වීමට එක`ගතාවයක් අභියාචනාධිකරණය මගින් ලබා දී ඇති අතර නැවත නඩු දිනය ඔක්. 23 දිනට කල් ගොස් තිබේ. මෙම අවස්ථාවට සහභාගී වූ සමස්ත ලංකා සුවසේවා සංගමයේ සභාපති සමන්ත කෝරළේආරච්චි සහෝදරයා පවසා සිටියේ මෙම අධ්‍යක්‍ෂකවරයා රාජිත සේනාරත්න මහතාගේ හිතවතෙක් බවත් ඔහුගේ මැදිහත්වීම මත මෙම පත්වීම් ලබාදී ඇති බවත් සුවපති යනුවෙන් සම්මාන ලැබුණු බවට රටපුරා ප‍්‍රදර්ශනය කරන ගමන් රාජිත සේනාරත්න ඇමතිවරයා නුසුදුසු පත්වීම් ජයවර්ධනපුර රෝහල තුල සිදුකරන බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *