ජල වෘත්තීය ක‍්‍රියාමාර්ග තීව‍්‍ර කරයි

25% ක වැටුප් වැඩිවීම ඉල්ලා ජලසම්පාදන සේවකයින් විසින් පසුගිය මැයි මස 28 වන දින සිට ආරම්භ කල වෘත්තීය ක‍්‍රියාමාර්ග අනුව මෙතෙක් නිසි විසඳුම් නොලැබීම අනුව වෘත්තීය ක‍්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙනයෑමට තීරණය කර ඇති බව ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු උපාලි රත්නායක සහෝදරයා පැවසීය.
ඒ අනුව අද දින දවල් බස්නාහිර පළාත් කාර්යාල සේවකයින් සමග දැවැන්ත උද්ඝෝෂණ පාගමනක් පැලවත්ත ජල සම්පාදන පළාත් කාර්යාලය දක්වා ගමන් කිරීමට කටයුතු යොදා ඇති බව ඔහු එහිදී පැවසීය. මේ වන විට නඩත්තු අලූත් වැඩියාවන්ගෙන්ද ඉවත් වීම නිසා මේ වන විට ජල සැපයුම අක‍්‍රීය වී ඇති බොහෝ ප‍්‍රදේශ දිවයින පුරා ඇති බව පවසන ඔහු ජනතාවට අපහසුතාවයට පත්වන ආකාරයෙන් මෙම ගැටලූව දික් ගැස්සී ඇත්තේ පාලකයින් සාකච්ඡුාවකදු හෝ මේ වන විට නොදීම නිසා බවත් එබැවින් මෙහි වගකීම පාලකයින් භාරගත යුතු බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *