ජාතික රෝහලේ කුණු තර්ජනයට වහා විසඳුම් දෙන්න – සමස්ත ලංකා ‌හෙද සංගමය

මේ වන විට ජාතික රෝහලේ මාසයක් පමණ පුරාවට ගොඩගැසී ඇති රෝගීන්ගේ අවයව කොටස් ඇතුලූ විශාල අපද්‍රව්‍ය ප‍්‍රමාණයක් හේතුවෙන් රෝගීන් ඇතුලූ රෝහල් කාර්ය මණ්ඩලයේ සෞඛ්‍යයට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවත් මේ සඳහා වහා විසඳුමක් ලබාදිය යුතු බවත් සමස්ත ලංකා හෙද සංගමය පවසයි. එම සංගමය මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
ශී‍්‍ර ලංකා ජාතික රෝහලේ ශල්‍යාගාර ගණනාවකින් දෛනිකව විශාල සායනික අපද්‍රව්‍ය ප‍්‍රමාණයක් ඉවතලයි. ඒවා අතර බඩවැල් කොටස්, ඇගිලි කොටස්, මස් වැදලි, ලේ, සැරව සහ දේහ තරල (Body Fluids) තැවරුණු ගෝස්, පුලුන් ආදිය වේ. එසේම, වාට්ටු සහ ශල්‍යාගාරවලින් ඉවත් කරන ඉදිකටු, බ්ලේඕ ආදී බොහෝ දේ වෙති.
මේවා දෛනිකව රෝහල් පරිසරයෙන් ඉවත් කර, ආරක්ෂිතව පු`ඵස්සා දැමීම කරනු ලැබේ. නමුත්, පසුගිය මාසයක පමණ කාලයක සිට කිසියම් බාහිර ගැටලූවක් නිසා මෙම සායනික අපද‍්‍රව්‍ය ජාතික රෝහලේ National Epilepsy Building (ජාතික අපස්මාර ගොඩනැගිල්ල පිටුපස ගොඩගසා තිබේ. මේ වන විට ටොන් ගණනාවක අපද්‍රව්‍ය ම`ඵ දහස් ගණනක් ගොඩගසා තිබෙන ආකාරය දැකගත හැක. මේ තත්ත්වය රෝහලේ පරිසරයට සහ එහි වෙසෙන කාර්ය මණ්ඩලය හා රෝගීන්ගේ සෞඛ්‍යයට බරපතල තර්ජනයක් එල්ල කර තිබේ. මෙහි දුග`ද ඒ අවට පැතිර යමින් තිබේ. එසේම සතුන් විසින් අපද්‍රව්‍ය පරිසරයට මුසුකරමින් ඇත. තවද, වැසි ජලය සමග සායනික අපද්‍රව්‍ය කාණු පද්ධතියට මුසුවීම දිගින් දිගටම සිදුවෙමින් පවතී. මේවා අවසානයේ පොදු ජල ප‍්‍රවාහයන්ට එකතු වීම සිදුවේ. මේ නිසා බරපතල රෝග බෝවීමේ අනතුරක් මතුවෙමින්ඇති බව පෙනෙන්නට තිබේ.
මේ තත්ත්වය පිළිබද රෝහල් බලධාරීන් මෙන්ම, සෞඛ්‍ය අමාත්‍යාංශයත්, ඇමතිවරයාත් දැනුවත් කර ඇති බව දැනගන්නට ඇත. එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ දක්වා මෙම බරපතල ගැටලූව විසදීම සදහා කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නැත. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරන වගකිව යුතු අමාත්‍යාංශයක් සහ එහි ඇමතිවරයා මෙසේ කටයුතු කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිතියක් ලෙස අපගේ අප‍්‍රසාදය පළකරන අතර, ඇතිවෙන්නට යන භයානක අනතුරින් රෝගීන් සහ කාර්ය මණ්ඩලය බේරාගැනීම අරමුණු කරගනිමින් මේ පිළිබද ජනමාධ්‍යය දැනුවත් කිරීමට තීරණය කරන ලදී.

btr

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *