ජාවාරම්කරුවෝ කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරය විනාශ කරති

කඩුගන්නාව දුම්රිය කොෟතුකාගාරයේ තබා ඇති කෞතුක භාණ්ඩ රාශියකටම මිළ කළ නොහැකි තරමේ අලාභ හානියක් සිදුකර ඇති බව සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය පවසයි.
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් නොවන ජාවාරමක් කරගෙන යාමේ අරමුණින් ආරම්භ කර ඇති ආයතනයක්, කෞතුකාගාර සමාගමක් පවත්වාගෙන යන ජාවාරම් කාරයෙකුගේ අවශ්‍යතාව සඳහා කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරයේ තබා ඇති කෞතුක භාණ්ඩ කොළඹට ප‍්‍රවාහනය කිරීම සඳහා කටයුතු කිරීමේදී මෙම හානිය සිදුකර ඇති අතර මෙම ජාවාරම්කරු මුදල් වැයකර, දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම කාර්යයට යොදවා ගෙන ඇති බවත් එම සංගමයේ ලේකම් එස්.පී. විතානගේ සහෝදරයා පවසයි.
දැනටමත් එස්3 වර්ගයේ 613 දරණ එන්ජිම, දොඹකරය හප්පා කඩාදමා ඇති අතර, ලංකාවේ පළමු දුම්රිය මැදිරිය හරි මැදින් කඩාදමා ඇති බවත් තවත් පෞරාණික වටිනාකමින් යුත් දුම්රිය දේපල රාශියක්ම විනාශකර ඇති අතර, දුම්රිය දෙපාර්තමේන්තුවට මිළ කළ නොහැකි හානියක් සිදුකර ඇති බවද ඔහු පෙන්වා දෙයි.
දුම්රිය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන මහජනතාවට සහ අධ්‍යාපන කටයුතු වල නිරත වන පාසල් දරුවන් වෙනුවෙන් කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරය ආරක්‍ෂා කරන ලෙස ඉල්ලා සිිටින පොදු සේවක සංගමය ඉතාමත් ව්‍යාජ ලෙස එම අරමුණම පෙන්වා, සිදුකරන ජාවාරම් වහාම නතර කරන ලෙසත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉහල මණ්ඩලයක් පත්කර පරීක්‍ෂණයක් සිදුකරන ලෙසත් බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *