ජූලි 26 වැඩවර්ජනයක් – ගුරු විදුහල්පතිවරු සංගම් තීරණය කරති

දේශපාලන පලිගැනීම්වලට ලක්වුවන් යැයි කියමින් ගුරු විදුහල්පති හා අධ්‍යාපනඥ සේවයේ උසස්වීම් හා පත්වීම් අවිධිමත් ලෙස ලබාදීමට එරෙහිව ජූලි 26 රටපුරා එම සේවාවල වැඩවර්ජනයක් ක‍්‍රියාත්මක කරන බව අධ්‍යාපනය සුරැුකීමේ වෘත්තීය සමිති එකමුතුව පවසයි. ඊයේ (13) දින පැවති මාධ්‍ය හමුවක් අමතමින් ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ සහෝදරයා මේ බව පැවසූ අතර ඒ අනුව කලාප අධ්‍යාපන කාර්යාල, කොට්ඨාශ කාර්යාල ඇතුලූ රටපුරා සියලූ පාසල්වල මෙම වැඩවර්ජනය ක‍්‍රියාත්මක කරන බවද ඔහු මේ බව පැවසීය. ඊට පෙර මෙම නීති විරෝධී 1011 ක් වන පත්වීම් ලබාදීම අහෝසි කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවත් ඔහු මෙහිදී පැවසීය. මෙම අසාධාරණ පත්වීම් හරහා වැඩිම බලපෑමක් එල්ලවන්නේ ගුරුවරයාට හා විදුහල්පතිවරායට බවත් ඔවුන්ට පරිපාලන සේවයට යාමේ අවස්ථාව මේ හරහා වැළකෙන බවත් මෙහිදී මහින්ද ජයසිංහ සහෝදරයා පැවසීය.
මෙම මාධ්‍ය හමුව සඳහා අධ්‍යාපනය සුරැුකීමේ වෘත්තීය සමිති එකමුතුව වෙනුවෙන් සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඥාසේකර හිමි, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්, ශ‍්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ සභාපති පරාක‍්‍රම වීරසිංහ, ලංකා විදුහල්පති සේවා සංගමයේ සභාපති සුනිල් පේ‍්‍රමතිලක ඇතුලූ වෘත්තීය සමිති නියෝජිතයින් සහභාගී වී සිටියහ.
මෙහිදී මහින්ද ජයසිංහ සහෝදරයා දක්වන ලද අදහස් සහිත හඩ පටය පලකරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *