තනතුරු ලබා දීමේ ක‍්‍රමයට එරෙහිව ජූලි 04 ගුරු විදුහල්පතිවරු සංකේත වැඩවර්ජනයක්…

දේශපාලන පළිගැනිම් වලට ලක්වුවන් සඳහා සහන ලබා දීමේ කමිටු නිර්දේශ මත ශ‍්‍රි ලංකා අධ්‍යාපන පරිපාලන , ශ‍්‍රි ලංකා ගුරු අධ්‍යාපනඥ හා ශ‍්‍රි ලංකා විදුහල්පති සේවයේ සේවා ව්‍යවස්ථාවන් හි නියමයන් කඩ කරමින් තනතුරු හා උසස්විම් ලබාදීමට එරෙහිව ජූලි 04 එක්දින සංකේත වැඩවර්ජනයක් පවත්වන බව අධ්‍යාපනය සුරැුකීමේ වෘත්තීය සමිති එකමුතුව වෙනුවෙන් මහින්ද ජයසිංහ සහෝදරයා පවසයි. මෙම තනතුරු ලබාදීමේ නාම ලේඛණයක් කැබිනට් මණ්ඩල අනුමැතියට හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් යවා ඇති බවත් මීට ඉහත දීද මේ සම්බන්ධ දැඩි විරෝධය දක්වා ඇති අතර එය නොසලකා හරිමින් කටයුතු කිරිම සම්බන්ධව සියළු සංගම් වල අප‍්‍රසාදය පල කර සිටින බවත් මහින්ද ජයසිංහ සහෝදරයා සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් පැහදිලි කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ දින රාජගිරියේදී පැවැති අතර ඒ සඳහා අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය සම්බන්ධ වෘත්තීය සමිති නියෝජිතයෝ පිරිසක් සහභාගී වී සිටියහ.
ඉහත සේවාවන් සඳහා හෝ එම සේවාවන්හී තනතුරු සඳහා අධි සේවක හෝ සේවා ව්‍යවස්ථාවන්හී බදවාගැනීමේ පඨිපාටීන්ට පටහැනි වන වෙන කුමන හෝ පදනමක් යටතේ පත්විම්, උසස්විම්, තනතුරු ලබාදීම් සඳහා දරන උත්සහයන් ස්ථීර ව නතර කිරිම සිදු කරන බවට සතියක කාලයක් ඇතුලත සහතිකයක් ලබා නොදෙන්නේ නම් 2018.07.04 දින ශ‍්‍රි ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ, ශ‍්‍රි ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ, ශ‍්‍රි ලංකා විදුහල්පති සේවයේ හා ශ‍්‍රි ලංකා ගුරු සේවයේ සියළුම නිලධාරින් එක් දින සංකේත වැඩ වර්ජනයක යාමට සංගම් ඒකමතිකව තීරණය කල බව මෙහිදී පැවසීය. මෙම එක් දින වර්ජනයෙන් පසුව ඉදිරියේදී කිසිදු දැනුම් දීමකින් තොරව දැඩි අඛණ්ඩ වෘත්තීය ක‍්‍රියාමාර්ගයන්ට එළඹිම ට ද තම සංගම් පසුභට නොවන බවද මෙහිදී මහින්ද ජයසිංහ සහෝදරයා පැවසීය.
දේශපාලන පළිගැනිම් ලක්වුවන් සඳහා සහන සැලසිම මැයින් ශ‍්‍රි ලංකාවේ සමස්ත අධ්‍යාපන පද්ධතියටම හානි කර වු මෙම කැබිනට් පත‍්‍රිකාව වහා හකුලූවා ගැනිමට කටයුතු නොකරන්නේ නම් ඉදිරි වෘත්තීය ක‍්‍රියාමාර්ග නිසා සමස්ත පාසල් පද්ධතිය අකර්මන්‍ය විමෙන් ශිෂ්‍ය ප‍්‍රජාව හා සමස්ත මහජනතාව ලක්වන පිඩාවන් හි වගකීම ද අධ්‍යාපන අමාත්‍යාංශය භාරගත යුතු බවද මෙහිදී මහින්ද ජයසිංහ සහෝදරයා පැවසීය.
අධ්‍යාපනය සුරැුකීමේ වෘත්තීය සමිති එකමුතුව හා සම්බන්ධ වී සිටින වෘත්තීය සමිති නියෝජිතයන් මෙසේය.

  1. ප්‍රභාත් විතානගේ – ලේකම්, ශ්‍රි ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමය
  2. ඩබ්ලිව්. කරුණානායක – උ.සභාපති සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා වෘත්තීය සංගමය
  3. ජෝසප් ස්ටාලින් – ලේකම්, ලංකා ගුරු සංගමය
  4. මහින්ද ජයසිංහ – ප්‍රධාන ලේකම්, ලංකා ගුරු සේවා සංගමය
  5. වසන්තා හදපාන්ගොඩ- ශ්‍රී ලංකා පොදුජන ගුරු සංගමය
  6. පුජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමි – ලේකම්, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය
  7. ජගත් ආනන්ද සිල්වා – ලේකම්, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය
  8. ඩබ්.ඩී. දයාරත්න – ලේකම්, පොදු ගුරු වෘත්තීකයින්ගේ සංගමය
  9. පරාක්‍රම වීරසිංහ – සභාපති, ශ්‍රි ලංකා විදුහල්පති සංගමය
  10. සුනිල් පේ‍්‍රමතිලක – සභාපති – ලංකා විදුහල්පති සේවා සංගමය
  11. නිර්මලා ගමගේ – ලේකම් – කතෝලික ගුරු සංගමය
  12. මීගහජඳුරේ සීලානන්ද – ප්‍රධාන ලේකම්  – ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමය
  13. හිමිඑස්.යු. කාරියවසම් – ලේකම්, ශ්‍රේණීධාරි විදුහල්පති සේවා සංගමය
  14. ඩී.එම්. දිසානායක – ලේකම්, සමස්ත ලංකා විදුහල්පති සංගමය
  15. මයුර සේනානායක – ප්‍රගති ගුරු සංගමය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *