දහදිය සිත්තම කෙටි නාට්‍ය අවසන් වටය සඳහා නාට්‍ය 6 ක්

දහදිය සිත්තම කෙටිනාට්‍ය තරගයේ දෙවන වටයේ තරග පසුගිය 6 සහ 07 දින නාරාහේන්පිට පරාක‍්‍රමබාහු විද්‍යාලයීය රංග ශාලාවේදී වේදිකාගත කරන ලදී. දෙවන වටය සඳහා කෙටිනාට්‍ය 18 ක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව දෙවන වටයෙන් තරග 6 ක් සුදුසුකම් ලබා ඇත.
සුරේෂ් මධුෂාන් පෙරේරාගේ – ස්වර්ග රාජ්‍යයකට
ප‍්‍රසාද් නන්දරතනගේ – ගුඞ් බායි
දමිත් ශ‍්‍රී ගේ‍්‍රෂන්ගේ සගගන සොබනා
කසුන් ඊ වික‍්‍රමසිංහගේ – ඒ මගේ එයා
හේෂාන් කුරුප්පුගේ – ඇලිවේටර් ගැහැණු
ප‍්‍රියංවදා ගොඩගේගේ සුපිරිසිදු නගරයක්
යන කෙටි නාට්‍ය 6 අවසන් වටය සඳහා තේරීපත් වී ඇත.
දෙවන වටයේ විනිශ්චය සඳහා ඉදිරිපත් වූ නාට්‍ය නිර්මාණාත්මක අතින් ඉහළ මට්ටමක පැවති බවත් දෙවන විනිශ්චය ලබාදීමේදී තීරණගැනීම දුෂ්කර වූ බවත් විනිශ්චය සඳහා සහභාගීවූ ප‍්‍රවීණ නාට්‍යවේදී චන්‍ද්‍රසෝම බින්දුහේවා මහතා සඳහන් කළේය. විනිශ්චය සඳහා නාට්‍යවේදී ජෙහාන් ශ‍්‍රීකාන්ත, පේ‍්‍රමරත්න තෙන්නකෝන් යන කලාකරුවන්ද සහභාගී වූහ.
දහදිය සිත්තම කෙටිනාට්‍ය අවසන් උළෙල ඔක්. 26 සවස 2.00 ට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන ප‍්‍රධාන රංග ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව දහදිය සිත්තම සාහිත්‍ය අනුකමිටුවේ සභාපති චන්දන සූරියආරච්චි සහෝදරයා සඳහන් කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *