දහදිය සිත්තම කෙටි නාට්‍ය උළෙල 2018 – හොඳම නිළිය ගංගාරාණි – හොඳම නලූවා සුදර්ශන

දහදිය සිත්තම කෙටි නාට්‍ය උළෙල පසුගිය 26 වන දින බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන ප‍්‍රධාන රංග ශාලාවේදී පැවැත්වුණි. එහිදී වසරේ හොඳම නාට්‍ය ලෙස සුරේෂ් මධුෂාන් පෙරේරාගේ ස්වර්ග රාජ්‍යයකට කෙටි නාට්‍යයට සම්මාන හිමි වූ අතර වසරේ හොඳම නිළිය ලෙස ප‍්‍රියංවදා ගොඩගේගේ සුපිරිසිදු නගරයක් කෙටි නාට්‍ය ර`ගපෑ ගංගාරාණී පරණවිතාන සම්මානයෙන් පිදුම් ලැබූ අතර වසරේ හොඳම නලූවා ලෙස සුරේෂ් මධුෂාන්ගේ ස්වර්ග රාජ්‍යයකට කෙටි නාට්‍යයේ සුදර්ශන ක‍්‍රිෂාන්ත පිදුම් ලැබූහ.
වැඩකරන ජනතා කලා උළෙල වෙනුවෙන් යොමු කරන ලද කෙටි නාට්‍ය පිටපත් හා දෙවන වටයේ තරග ආචාර්ය ප‍්‍රවීණ නාට්‍යවේදී ජයලත් මනෝරත්න, ප‍්‍රවීණ නාට්‍යවේදී චන්‍ද්‍රසෝම බින්දුහේවා, ප‍්‍රවීණ නාට්‍යවේදී ජෙහාන් ශ‍්‍රීකාන්ත, ප‍්‍රවීණ නාට්‍යවේදී පේ‍්‍රමරත්න තෙන්නකෝන් යන නාට්‍යවේදීන්ගේ විනිශ්චයෙන් පසු අවසන් වටය සඳහා සුදුසුකම් ලැබූ කෙටි නාට්‍ය අවසන් උළෙල සඳහා ඉදිරිපත් විය.
විශාල පේ‍්‍රක්‍ෂක පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය 26 වන දින අවසන් වටය සඳහා තේරී පත්වූ කෙටි නාට්‍ය වේදිකාගත කළ අතර අවසන් වටය සඳහා සුරේෂ් මධුෂාන්ගේ ස්වර්ග රාජ්‍යයකට, ප‍්‍රසාද් නන්දරතනගේ ගුඞ්බායි, දමිත් ශ‍්‍රී ගේ‍්‍රෂන්ගේ සගගණ සොබනා, කසුන් ඊ වික‍්‍රමසිංහගේ ඒ මගේ එයා, හේෂාන් කුරුප්පුගේ ඇලිවේටර් ගැහැණු, ප‍්‍රියංවදා ගොඩගේගේ සුපිරිසිදු නගරයක් වේදිකාගත කරන ලදී.
අවසන් උළෙල සඳහා ඉදිරිපත් වූ කෙටි නාට්‍ය විනිශ්චය සඳහා සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මංගල සේනානායක, ප‍්‍රවීණ රංගන ශිල්පිනී චාන්දනී සෙනෙවිරත්න, ප‍්‍රවීණ නාට්‍යවේදී බුද්ධික දමයන්ත, කැළණි විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නොඑල් විජේරත්න, නාට්‍යවේදී පේ‍්‍රමරත්න තෙන්නකෝන් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *