දහදිය සිත්තම කෙටි නාට්‍ය උළෙල – දෙවන වටයට තරග 20 ක්

දහදිය සිත්තම කෙටි නාට්‍ය උළෙල 2018 දෙවන වටයේ තරග විනිශ්චයන් ඔක්. 6 සහ 7 දෙදින පුරා නාරාහේන්පිට පරාක‍්‍රමබාහු විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සාහිත්‍ය අනු කමිටුවේ සභාපති චන්දන සූරියආරච්චි සහෝදරයා පවසයි. පිටපත් විනිශ්චයෙන් පසු තුන්වන වටය සඳහා සුදුසුකම් ලැබූ කෙටි නාට්‍ය 20 ක් වේදිකා ගත කිරීමට නියමිතය. දෙවන වටයේ සුදුසුකම් ලබන කෙටි නාට්‍ය අවසන් වටය සඳහා ඉදිරිපත් වන අතර එම විනිශ්චය කෙටි නාට්‍ය උළෙලක් ලෙස ඔක්තෝම්බර් 26 දින බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ ප‍්‍රධාන රංග ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද චන්දන සූරියආරච්චි සහෝදරයා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *