දහදිය සිත්තම වැඩකරන ජනතා කලා උළෙල උත්කර්ෂවත්ව

දහදිය සිත්තම වැඩකරන ජනතා කලා උළෙල සමාරම්භක උළෙල අද (26) පෙරවරුවේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන පරිශ‍්‍රයේදී ආරම්භ විය. ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත්, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත සහෝදරවරුන්ගේ සහභාගීත්වයෙන් හා කලාකරුවන් රැසකගේ ප‍්‍රධානත්වයෙන් මෙම උළෙල ආරම්භ විය.
සමාරම්භක උත්සවයෙන් අනතුරුව ජංගම දුරකථන කෙටි චිත‍්‍රපට උළෙල හා කෙටි නාට්‍ය උළෙල අද දින පැවැත්වූ අතර මීට සමගාමීව පොත් ප‍්‍රදර්ශන කුටි, නවෝදයක ඈ ප‍්‍රදර්ශන කුටියක් හා ආහාර ප‍්‍රදර්ශන කුටියක්ද, වීදි නාට්‍යයක්ද ප‍්‍රදර්ශනය කෙරිණු අතර හෙට (27) දින අවසන් උළෙල පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *