දැවි තෙල් වංචාවක් ගැන ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි

මහා පරිමාණයෙන් සිදුවන දැවි තෙල් වංචාවක් සහ ඒ පිටුපස ඇති අල්ලස ලබාගැනීමක් පිළිබඳව බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී, ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල සහෝදරයා විසින් පසුගිය 29 වනදා සිදු කරණ ලද පැමිණිල්ලකට අනුව මේ වනවිට එ් පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

එම පැමිණිල්ල අනුව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා ඇති අශෝක රන්වල සහෝදරයාගෙන් මේ වනවිට වැඩිදුර විමර්ශන සඳහා අවශ්‍ය ප්‍රකාශ ලබාගනිමින් සිටියි.

රුපියල් දසලක්ෂ පනස් හයදහසක් (රු. 1,056,000) වටිනා දැවි තෙල් ලීටර් 13,200ක් රැගෙන ගිය ලොරි රථයක් පරීක්ෂා කර එහි ප්‍රමිතියෙන් තොර දැවි තෙල් තිබී එය නිදහස් කිරිම සඳහා එහි විමර්ශන කටයුතු කළ ඛනිජතෙල් ඇමතිවරයාගේ ඥාතියෙකු ඇතුළු පිරිසක් අල්ලස් ලබාගෙන පසුව තෙල් තොගයද නිදහස් නොකිරීම මත ඇති වූ අර්බුදකාරී තත්වය මත මෙම වංචාව අනාවරණය කරගැනීමට හැකිවූ බවද අශෝක රන්වල සහෝදරයා සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

එම පැමිණිල්ල සම්පූර්ණයෙන් පහතින් පල වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *