දූෂණයට එරෙහි වූ 6කගේ වැඩතහනම් කළ පාලකයෝ කෝටි 840 චෙක්පත අත්සන් නොකළැයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීගේත් වැඩ තහනම් කරලා

විදුලි බල මණ්ඩලය සිදුවන දැවැන්ත වංචා දුෂණ හෙළි කරමින් පාලනාධිකාරියේ ක‍්‍රියාකලාපයට එරෙහි වූ වෘත්තීය සමිති නායකයින් 6 දෙනාගේ වැඩතහනම් කොට මාස 5 කට ආසන්න කාලයක් ගත වන විට නීති විරෝධී අයුරින් මිලට ගත් ඇඹිලිපිටිය ඒස් පවර් බලාගාරය සඳහා කෝටි 840 ක චෙක්පත අත්සන් කිරීම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුජිත් අබේවික‍්‍රම මහතා ප‍්‍රතික්‍ෂේප කිරීම නිසා ඔහුට චෝදනා කොට වැඩතහනම් කර ඇති බව රංජන් ජයලාල් සහෝදරයා පවසයි. ඊයේ ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය. මෙම මාධ්‍ය හමුව සඳහා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුජීව අබේවික‍්‍රම මහතාද සහභාගී විය.
පසුගිය කාලය පුරාවට විදුලි බල මණ්ඩලය තුල දැවැන්ත දුෂණ වංචා පිරී තිබුණු බවත් පාලකයින්ගේ යම් යම් දුෂිත ගනුදෙනු ආපස්සට හැරුණේ වෘත්තීය සමිතිවල මැදිහත්වීම නිසා බවත් එම දුෂිත ක‍්‍රියාකලාපයට එරෙහිව වෘත්තීය සමිතිවලින් නැගුණු හඩ යටපත් කිරීම සඳහා සංගම් නායකයින් 6 දෙනෙකුගේ වැඩ තහනම් කරමින් එම දූෂිත ක‍්‍රියාකලාපය වත්මන් ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු ඇමතිවරු මැදිහත්වෙමින් විදුලි බල මණ්ඩලය තුල ඉදිරියට ගෙනයමින් තිබෙන බවත් මෙහිදී රංජන් ජයලාල් සහෝදරයා පැවසීය. ලක්‍ෂ 50 ක් වෙච්ච විදුලි පාරිභෝගිකයන් තමන්ගේ බිලෙන් 50% ක් ගෙවන්නේ මෙම හොරකමේ පංගුවක් බවත් එම නිසා විදුලි බල මණ්ඩලය තුල සිදුවන වංචා දූෂණ හෙළිකිරීමේ අරමුණින් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා සහභාගී වූ බවත් රංජන් ජයලාල් සහෝදරයා මෙහිදී පැවසීය.

 

6 Comments on “දූෂණයට එරෙහි වූ 6කගේ වැඩතහනම් කළ පාලකයෝ කෝටි 840 චෙක්පත අත්සන් නොකළැයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීගේත් වැඩ තහනම් කරලා”

  1. obviously like your web-site however you have to check the spelling
    on several of your posts. A number of them are rife with spelling problems and I to find it
    very bothersome to inform the truth on the other hand I will certainly come again again.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *