දූෂිතයන් ගේම් එක පැරදිලා මඤ්ඤං ප‍්‍රකාශ කරන තැනට වැටිලා – මහින්ද ජයසිංහ

පසුගියදා ගුරුසේවයේ වෘත්තීය සමිතියක් නියෝජනය කරන පොහොට්ටුවේ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින වසන්තා හඳපාන්ගොඩ නමැත්තිය විසින් වර්තමාන අධ්‍යාපන සමූපකාර අධ්‍යක්‍ෂ මණ්ඩලයට කරන චෝදනාවන් ඔවුන්ගේ මඤ්ඤං ප‍්‍රකාශයන් පමණක් බවත් ඔවුන් විසින් පසුගිය මහින්ද රාජපක්‍ෂ පාලන කාලය තුල අධ්‍යාපන සමූපකාරයට කරන ලද මහා විනාශයෙන් වෙනුවෙන් දැනටමත් ක‍්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් මහින්ද ජයසිංහ සහෝදරයා පවසයි. ඊයේ (30) දින පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය. ඇය විසින් මෙම චෝදනාවන් කරන්නේ පසුගිය 2011 කාලයේදී සිදු වූ සිදුවීම් පාදක කරගෙන බවත් එම සිදුවීම් සම්බන්ධයෙන් වාර්තාවන් එම කාලය තුලදීම ලබා දී ඇති බවත් ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමතිවරයාගේ ගෝල බාලයන් විසින් අධ්‍යාපන සමූපකාරය තුල කරන ලද අති විශාල දූෂණයන් පෙන්වා දුන්නේ වසන්තා හඳපාන්ගොඩගේ දියණිය බවත් නමුත් ඇය විසින් කරන ලද ප‍්‍රකාශ කිසිදු පදනමක් නැති ප‍්‍රකාශයන් පමණක් බවත් මෙහිදී මහින්ද ජයසිංහ සහෝදරයා පැවසීය.
මෙහිදී මහින්ද ජයසිංහ සහෝදරයා විසින් මාධ්‍ය හමුව අමතා කරන ලද ප‍්‍රකාශයේ හඩ පටය පහත පලකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *