ධනවාදය මිනිසුන්ගේ සංස්කෘතික ජීවිතය නැතිකරලා – ප‍්‍රවීණ ලේඛක ටෙනිසන් පෙරේරා

ධනවාදය මිනිසුන්ගේ සංස්කෘතික ජීවිතිය නැතිකරලා. සංස්කෘතික ජීවිතයක් වෙනුවෙන් වූ අරගලයකට මෙම කෘතිය සමාජගත කිරීම සුවිශේෂී කටයුත්තක්. දහදිය සිත්තම වැඩකරන ජනතා කලා උළෙල 2018 ට සමගාමීව සංස්කෘතික ජීවිතයක් උදෙසා සංකල්පීය රචනාදර්ශ නමින් වූ කෘතිය දොරට වැඩුම නිමිත්තෙන් කරන ලද විශේෂ දේශනයට එක්වෙමින් ප‍්‍රවීණ සාහිත්‍යවේදී, සම්මානනීය ලේඛක ටෙනිසන් පෙරේරා මහතා මේ බව සඳහන් කළේය.
ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ වගකීම යටතේ මුද්‍රණය කර එළිදක්වන ලද එම කෘතියේ සංස්කාරක සබරගමු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි හා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සාහිත්‍ය අනුකමිටුවේ සභාපති චන්දන සූරියආරච්චි යන දෙපළ විසින් එම කෘතිය ජනතා ලේඛක පරපුරේ ප‍්‍රවීණ ලේඛක ගුණසේන විතානයන්ට පිළිගන්වන ලදී. මෙහි සංස්කාරක දේශනය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් සිදු කළ අතර මෙම කටයුත්ත ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ චන්දිම විමලසුරේන්‍ද්‍ර සහෝදරයා විසින් මෙහෙයවන ලදී.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *