පාලක සභාවේ අරමුණ දුම්රිය පුද්ගලීකරණය කිරීමයි – එස්.පී. විතානගේ


දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා පාලක සභාවක් පත් කිරීමට යෝජනා වී ඇති බවත් එහි අරමුණ දුම්රිය පෞද්ගලීකරණය කිරීමේ දිශාවට බවත් දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ සහෝදරයා පවසයි. ඊයේ දින (02) මරදානේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය. දුම්රිය අධිකාරියක් හෝ සමාගමක් බවට පත් කිරීම මෙම පාලක සභාව පත් කිරීමේ අරමුණ බවත් ඊට එරෙහිව ඉදිරියේදී ක‍්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවද මෙහිදී ඔහු පැවසීය. මෙම අවස්ථාවට දුම්රිය වෘත්තීය සමිති සන්ධානය නියෝජනය කරමින් දුම්රිය නියාමක සංගමය, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය, දුම්රිය තාක්‍ෂණ ශිල්පී සංගමය, දුම්රිය ෂන්ටින් ඩ‍්‍රයිවර් සංගමය, දුම්රිය රියදුරු සහායක සංගමය යන වෘත්තීය සමිතිවල නියෝජිතයින් සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *