පොරොන්දු පරිදි ලංගම වැටුප් වැඩිවීම් ලබාදෙන්න – සේපාල ලියනගේ ජනාධිපතිට ලියයි

ශ‍්‍රී ලංගම සේවකයින් වෘත්තීය කි‍්‍රයාමාර්ගවලට මැදිහත්වී දිනාගත් වැටුප් වැඩිවීමට පසුගිය 07 වැනි දින සිට ලබාදීමට නියමිතව තිබුනද එය නැවත වතාවක් දින නියමයක් නොමැතිව කල් තබා ඇති බව සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමයේ ලේකම් සේපාල ලියනගේ සහෝදරයා පවසයි. එබැවින් නැවත වෘත්තිය කි‍්‍රයාමාර්ගයන්වලට පොළඹවීමක් සිදු නොකොට ලිඛිතව පොරොන්දු වූ පරිදි එම වැටුප් වැඩිවීම ලබාදීමට කටයුතු කරන ලෙස තම සංගමය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව ඔහු පවසයි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිපියක් මගින් දැනුම් දී ඇති අතර එම ලිපිය පහත පලකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *