බස්නාහිර පළාත් සංවර්ධන නිලධාරීන් එක්දින වැඩවර්ජනයකට – යෝජනාව ඒකමතිකව සම්මත වෙයි

බස්්නාහිර පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන සහකාර, සංවර්ධන නිලධාරීන් බලමුලූ ගන්වමින් බස්නාහිර පළාත් රාජ්‍ය සේවා වාර්ෂික සම්මේලනය අද (31) කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි.
නිලධාරීන්ගේ සහභාගීත්වය දැඩි උනන්දුවකින් සිදු වූ අතර තම තමන් ආයතනිකව මුහුණ දෙන විශාල ගැටලූ ප‍්‍රමාණයක් එහිදී සංගමය වෙත ඉදිරිපත් කරමින් මැදිහත් වී විසඳා දෙන ලෙස උපාධිධාරීන් විසින් ඉල්ලීම් කරන ලදී.
මෙම සමුලූව සංවර්ධන නිලධාරී සේවා සංගමයේ සභාපති චන්දන සූරියආරච්චි සහෝදරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති අතර සංගමයේ ලේකම් සංවර්ධන නිලධාරී උදයංග පේ‍්‍රමරත්න ඇතුලූ නියෝජිතයන්ද පළාත් රාජ්‍ය සේවා උපාධිධාරීන් විශාල ප‍්‍රමාණයකගේ සහභාගීත්වයෙන් සිදුවිය.
උපාධිධාරී සේවාවේ ආරම්භක වකවානුව තුල උපාධිධාරීන්ට හිමිවිය යුතු අයිතිවාසිකම් විශාල ප‍්‍රමාණයක් කප්පාදු කර තිබූ යුගයක සැලකිය යුතු ජයග‍්‍රහණ ප‍්‍රමාණයක් දිනාගැනීමට හැකිවූයේ සාමූහිකව නිවැරදි ක‍්‍රියාමාර්ග ඔස්සේ අරගල කළ නිසා බවත්, ඉදිරියේදී රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා උපාධිධාරීන්ට පිළිගත හැකි සුදුසු වෘත්තීය මට්ටමක් දිනාගනිමින් අභිමානයකින් යුතුව රාජ්‍ය සේවය තුල රාජකාරී කළ හැකි තත්වයක් උදාකර ගැනීමට අඛණ්ඩව අරගල කරන බවත් ඔහු සභාව අමතමින් ප‍්‍රකාශ කළේය.
අගෝස්තු 31 ට පෙර විසඳුම් ඉල්ලා රජයට ඉදිරිපත් කර ඇති ගැටලූවලට අද (31) වන විටත් විසඳුමක් නොමැති නිසා එක්දින වැඩවර්ජනයක් සම්බන්ධයෙන් වන යෝජනාව පළාත් සමුලූවටද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සමුලූවේදී එම යෝජනාව ඒකමතිකව සම්මත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *