මහාචාර්ය සේනක බිබිලේ 41 වන ගුණ සමරුව බිබිලේදී

මහාචාර්ය සේනක බිබිලේ 41 වන ගුණ සමරුව මෙම මස 29 වන දිනට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් වන ගුණ සැමරුම් වැඩසටහනක් සැප්. 30 දින බිබිල බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී පැවැත්වෙන බව මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය පවසයි. එම සංවිධානය මගින් මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ඊයේ (26) දින පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවැත්වූ අතර එහි කැඳවුම්කරු වෛද්‍ය ජයන්ත බණ්ඩාර එහිදී පැවසූයේ අප රට මුහණ දී සිටින ඖෂධ මාෆියාවෙන් ජනතාව මුදවාගැනීමට නම් බිබිලේ ඖෂධ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාවට නැගිය යුතු බවද දැනට ආණ්ඩුව මගින් ගෙන එන ලද ඖෂධ පනත හරහා අඩු මිලට ඇති බොහෝ ඖෂධවල මිල කිහිප ගුණයකින් ඉහළගොස් ඇති බවද පෙන්වා දෙන වෛද්‍ය ජයන්ත බණ්ඩාර මේ වන විට රෝහල් තුල ඉතා බරපතල ඖෂධ හි`ගයක් ඇති බවද, ඒ වෙනුවෙන් ආණ්ඩුව ඖෂධ නිෂ්පාදන සංස්ථාව හරහා නිෂ්පාදන වැඩිකිරීමක් හෝ ආණ්ඩුව ඖෂධ මිල පාලනය කිරීමක් හෝ ඖෂධවල ප‍්‍රමිතිය පවත්වාගෙන යාමට කිසිදු මැදිහත්වීමක් සිදු නොකරන බවයි.
මේ සම්බන්ධයෙන් දිගින් දිගටම තම සංවිධානය ආණ්ඩුවට බලකර ඇති බවත් මෙවර 41 වන ගුණ සමරු වැඩසටහන හරහා ද මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සිදුකරන බවයි. ඒ අනුව මෙවර බිබිලේදී පැවැත්වෙන සමරු වැඩසටහනේදී වෛද්‍ය සායනයක් හා සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහනක්ද, සෞඛ්‍ය අර්බුදය පිළිබඳ සයිකෝ චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය හා විචාරය ක් ද පැවැත්වෙන බවයි.
මෙම මාධ්‍ය හමුව සඳහා සමස්ත සේනක බිබිලේ අනුස්මරණ සංවිධානයේ මෙහෙයුම් කමිටුව නියෝජනය කරමින් මහින්ද ගුරුගේ, චන්දන ජයලත්, රේණුකා ලියනගේ යන අයද සහභාගී විය.

මෙහිදී වෛද්‍ය ජයන්ත බණ්ඩාර පැවසූ අදහස් සහිත හඩ පටය පහත පලකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *