මැයි 1 දින නිවාඩුව අවලංගු කිරීමට ආණ්ඩුවට අයිතියක් නෑ – මහින්ද ජයසිංහ

ලෝක කම්කරු දිනය වන මැයි 01 දින වැඩකරන ජනතාවගේ නිවාඩුව අහෝසි කිරීමට නිකුත් කර ඇති ගැසට් නිවේදනය අකුලා එම නිවාඩුව ලබාදිය යුතු බව ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සහෝදරයා අද දින පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. එහිදී ඔහු පැවසුවේ කොළ පාට නිල් පාට ආදී ලෙස පක්‍ෂවල පාට යොදාගෙන රැුලි පවත්වා මැයි දිනය විකෘති කරන බවත් වැඩකරන ජනතාව මර්ධනය කරමින් ඔවුන්ගේ අයිතීන් කප්පාදු කරන ඔවුන්ට මැයි දිනය සැමරීමේ අයිතියක් නැති බවත්ය. මෙම මාධ්‍ය හමුවේදී ලංකා ගුරුසේවා සංගමයේ උප සභාපති සුන්දරලිංගම් ප‍්‍රදීප් සහෝදරයාද අදහස් දැක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *