රත්මලාන දුම්රිය යාන්ත‍්‍රික අංශය අඩාලයි. කඩිනමින් මැදිහත් වන්න – එස්.පී. විතානගේ

දුම්රිය දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ සේවකයින්ගේ, සේවයට පැමිණිමේ හා පිටවීමේ වේලාවන් සම්බන්ධයෙන් මාස කිහිපයක සිට මතු වී ඇති ගැටළුවට නිසි විසඳුමක් ලබා නොදීම නිසා, එම අංශයේ නිශ්පාදන ඉලක්ක සපුරා ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමයේ සභාපති එස්.පී. විතානගේ සහෝදරයා පවසයි. මේ නිසා ධාවන තත්වයේ පවතින දුම්රිය එන්ජින් ප‍්‍රමානය 65 සිට 48 දක්වා පහල බැස ඇති අතර මේ තත්වය පිළිබඳව අවධානය යොමු නොකර තවත් කාලයක් ගත වුවහොත් ධාවනයට එක් කළ හැකි දුම්රිය එන්ජින් ප‍්‍රමානය තවත් අඩු වී යාහැකි බව ඔහු පෙන්වා දෙන අතර, දුම්රිය එන්ජින් වල නඩත්තු කටයුතු දෛනිකව සිදු නොවීම මත දුම්රිය අවලංගු කිරීම, එන්ජින් අතරමග නතරවීම ආදිය සිදුවිමට ඉඩ ඇති බවද ඔහු පවසයි. මේ මගින් දෙපාර්තමේන්තුවේ ඵලදායිතාවය බිඳ වැටෙන අතර, දුම්රිය මගින් අනවශ්‍ය පීඩාවකට ද ලක්විය හැකි බවද පෙනවා දෙයි.
ප‍්‍රශ්නයට නිසි විස\ුම් ලබා නොදීම හේතුවෙන් වෘත්තීය සමිති සහ සේවක කණ්ඩායම් විවිධ කි‍්‍රයාමාර්ග වල නිරත වන අතර, අවිධිමත් කි‍්‍රයාමාර්ග හේතුකොට ගෙන පරිපාලන ප‍්‍රශ්න ගණනාවක් මතුවී ඇති බවද මෙම ප‍්‍රශ්නයට විසඳුම් ලබාදීම ප‍්‍රමාද කිරීම නිසා සේවක අසමගිතාවයක් ගොඩ නැගී ඇති අතර, දෙපාර්තමේන්තුවේ ඵලදායිතාවය සඳහා මෙය බරපතල ලෙස බලපා ඇති බවද පවසන විතානගේ සහෝදරයා අයිතීන් දිනා ගැනීමේදීත්, රාජකාරි කිරීමේදීත් එකට බැඳී සිටිය යුතු දුම්රිය සේවකයින්ගේ සමගිය ඉතා අත්‍යාවශ්‍ය වන බැවින් දෙපාර්තමේන්තුවේ පැවැත්මට අයහපත් නොවන හා සේවකයින් හා වෘත්තීය සමිති වලට එකඟවිය හැකි නිශ්චිත විසඳුමක් කඩිනමින් ලබා දෙන ලෙස අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *