රු. 1000/- වැටුප් වැඩිවීම ඉල්ලා රටපුරා වතු කම්කරු උද්ඝෝෂණ

වතු කම්කරු දෛනික මූලික වැටුප රුපියල් 1000/- දක්වා ඉහළ දමන ලෙස ඉල්ලමින් දියත්වෙන වර්ජන සහ විරෝධතා රට පුරා දියත් වෙමින් ඇත. මේ වනවිට කඳුකරයේ කම්කරුවන් දෛනික සේවා කටයුතු සඳහා වාර්තා නොකර සතියකට ආසන්න වෙමින් තිබේ.

මස්කෙළිය වැවිලි සමාගමට අයත්, මස්කෙළිය, බ‍්‍රන්ස්වික් තේ වතුයායේ කම්කරුවෝද පසුගියදා එම වත්තේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ.

එමෙන්ම ඊයේ (08) දින දෙනියාය වතු කම්කරුවන් විසින් විරෝධතාවයක් පැවැත්වූ අතර එම විරෝධතාවයේ නියුතු කම්කරුවන් හමුවීමට ගිය ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී, මාතර දිස්ත‍්‍රික් නායක සුනිල් හඳුන්නෙත්ති මහතා එම කම්කරුවන්ගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡුාවකද නිරත විය. මෙම අවස්ථාවට සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ ලේකම් ජේ.එම්.ඒ. පේ‍්‍රමරත්න සහෝදරයාද සහභාගී විය.

මෙහිදී උද්ඝෝෂණයට එක්ව සිටි කම්කරුවන් කියා සිටියේ, දැඩි වෙහෙසක් දරා සේවා කටයුතුවල නිරතව සිටින තමන්ට දිනක මූලික වැටුප ලෙස අවම රුපියල් 1000ක මුදලක් වතු සමාගම්වලට දිය හැකි බවත් සමාගම් වාර්ෂිකව අධික ලාබයක් උපයන් බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *