රේගු නිලධාරීන්ට පහර දුන් විදේශික යුවලට නීතිය නිසි ලෙස කි‍්‍රයාත්මක කරන්න -සමස්ත ලංකා රේගු සේවා සංගමය

පසුගියදා රේගු නිලධාරීන් 5 දෙනෙකුට නිර්දය ලෙස පහරදුන් කුවේට් ජාතික යුවලකට එරෙහිව නීතිය නිසි ලෙස ක‍්‍රියාත්මක කරන ලෙස සමස්ත ලංකා රේගු සේවා සංගමය මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත. විවිධ රාජ්‍ය තාන්ත‍්‍රික හා දේශපාලන බලපෑම මත මෙම සිද්ධිය සමතයකට පත්කිරීමේ උත්සාහයක් පවතින බවත් මෙම පහර දීම රේගු නිලධාරීන්ට නොව රටේ ෙසෙවරීත්වයට බවත් එම සංගමයේ ලේකම් ජේ. ගුණතිලක සහෝදරයා පෙන්වා දෙන අතර මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයාට ලිපියක් යවා ඇත. එම ලිපිය වැඩිදුරටත් මෙසේය.
පසුගිය 27 වන දින උදෑසන 10.45 ට පමණ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් මෙරටට පැමිනෙමින් සිටි කුවේට් ජාතික යුවලක් විසින් රේගු නියාමක නිලධාරිනියක, සහකාර රේගු අධ්‍යක්‍ෂකවරයෙකු ඇතුළු රේගු නිලධාරීන් පස් දෙනෙකුට නිර්දය ලෙස පහර දී තිබේ. මොවුන් සමග රැුගෙන එමින් සිටි සුනඛයෙකුට අදාල නීතිමය අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන ලෙස දන්වා සිටීම මෙම පහර දීමට හේතුවයි.
ශාක හා සත්ව නිරෝධායන පනත බලාත්මක කරන නිලධාරීන් ලෙස ඔවුන් එය කළයුතු අතර, එය එය ඔවුන්ගේ වගකීම වේ. එහෙත් විවිධ රාජතාන්ත‍්‍රීක හා දේශපාලන බලපෑම හා මෙම සිද්ධිය සමතයකට පත්කරගන්නා ලෙස පහර කෑමට ලක්වූ නිලධාරීන්ට දෙපාර්තමේන්තුව පැත්තෙන් බලපෑම් එල්්ල වෙමින් තිබේ.
ඇත්තෙන්ම ඔවුන් මෙලෙස පහර දී තිබෙන්නේ, රේගු නිලධාරීන්ට නොව අපේ රටේ ස්වෛරීත්වයටයි. එබැවින් මොවුන්ට එරෙහිව නීතිය නිසි ලෙස ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය මැදහත්වීම කරන ලෙස ඉල්ලා සිටිමු. එසේ නොවුනහොත් මෙය බලවත් වැරදි පූර්වාදර්ශයක් ලෙස ඉතිහාසයට එකතුවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *