ලංකා ගුරුසේවා සංගමයේ උතුරු පළාත් සමුළුව සාර්තකව පැවැත්වේ

“එකම හඩක් – එකම තැනක්” තේමාව යටතේ ලාංකේය ගුරු පරපුරේ උතුර දකුණ යාකරමින් සැබෑ සහෝදරත්වයෙන් බල මුළු ගැන්වෙන ලංකා ගුරුසේවා සංගමයේ උතුරු පළාත් සමාරම්භක සමුළුව ඊයේ (09) යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැත්විනි.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති , ලංකා ගුරුසේවා සංගමයේ හා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ , ජනතා විමුක්ති පෙරමුණේ යාපනය දිස්ත‍්‍රික් නායක රාමලිංගම් චන්ද්‍රසේගර් යන සහෝදරවරුන් ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැත්විණි.

මෙම සමුළුවේදී විශේෂයෙන් උතුරු පළාතේ සේවයේ නියුතු ගුරුවරු, විදුහල්පතිවරු මුහුණදෙන වෘත්තීය ගැටළු මෙන්ම සිසු දරුවන්ගේ අධ්‍යාපන ගැටළු විසඳීමට බලකරමින් ගනුලබන ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳව වු යෝජනාවලියක්ද සම්මතකර ගැනීමට ලංකා ගුරු සේවා සංගමය කටයුතු කළ බව එම සංගමයේ උප සභාපති සුන්දරලිංගම් ප‍්‍රදීප්  සහෝදරයා  පැවසීය.

  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *