ලංකා ගුරුසේවා සංගමය 20 වන සමුලූවට ගුරුවරු පෙළගැසෙති

ලංකා ගුරු සේවා සංගමයේ 20 වන වාර්ෂික සමුළුව ඔක්තෝබර් 12 (අද) ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත සහෝදරයාගේ ප‍්‍රධානත්වයෙන් හා අධ්‍යාපන ප‍්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේද සහභාගීත්වයෙන් කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි. ලංකා ගුරුසේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, සභාපති දම්මික අලහප්පෙරුම ඇතුලූ නිලධාරී මණ්ඩලයත්, සාමජීකයෝ විශාල පිරිසක්ද මෙම සමුලූව සඳහා සහභාගී වී සිටියහ. මෙම සමුලූව ආරම්භයේදීම සංගමයේ සාමාජිකයින් විසින් ‘‘අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් නොවේ, සියලූ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කරනු, ගුරු විදුහල්පති වැටුප් වැඩිකරනු – මාස 30 ක හිග වැටුප් ගෙවනු යන සටන් පාඨ සහිතව උද්ඝෝෂණ පාගමනක් මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරය දක්වා පැවැත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *