ලංකා ගුරුසේවා සංගමය 20 වන සමුලූවට පෙළගැසේ

ලංකා ගුරු සේවා සංගමයේ 20 වන වාර්ෂික සමුළුව ඔක්තෝබර් 12 වැනිදා පෙරවරු 9.30 ට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත සහෝදරයාගේ ප‍්‍රධානත්වයෙන් හා අධ්‍යාපන ප‍්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික ආචාර්ය ප‍්‍රභා මනුරත්න මහත්මියගේද සහභාගීත්වයෙන් කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට සියලූ කටයුතු යොදා ඇත.
මෙම සමුලූව සම්බන්ධයෙන් ලංකා ගුරු සේවා සංගමය විසින් නිවේදනයක් නිකුත්කොට ඇති අතර එහි සඳහන් කර ඇති පරිදි දෙලක්ෂ විසිපන් දහසක් පමණ වන මෙරට ගුරු පරපුර මෙන්ම 4500000 සිසු දරුවන්ද මේ වන විට මුහුණ දෙමින් සිටින අභියෝග සම්බන්ධව මෙරට ජනතාව දැනුවත් කරමින් පුළුල් ජනතා සහභාගීත්වයෙන් සකස්වන ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තියක අවශ්‍යතාවත්
ලාංකීය ගුරුවරයාගේ වෘත්තිකභාවය අරමුණු කරගනිමින් 1994 දී හඳුන්වාදුන් දීප ව්‍යාප්ත සේවාවල වැටුප් තල ඇතුලත් ශ‍්‍රී ලංකා ගුරු සේවයෙහි දිනාගත් වටිනාකම 1997 දී අහිමි කර මේ වන විට වසර 21 ක් බවද ඒ අනුව මෙම වැටුප් විෂමතා ඉවත් කර වැටුප් වැඩිකර ගැනීමටත් නව සේවා ව්‍යවස්ථා මගින් ලබාදුන් උසස්වීමෙහි අහිමිකළ මාස 30 ක හිග වැටුප් නැවත ලබා ගැනීමටත් ගතයුතු ක‍්‍රියාමාර්ග සම්බන්ධවත්,
පාසලේ සියලූ මූල්‍ය හා පරිපාලන කටයුතුවල වගකීම පවරන සිසු දරුවන්ගේ පන්ති කාමර ඉගෙනුම්- ඉගැන්වීම් ක‍්‍රියාවලියට බාධා කරන සියළු බාධාවන් ඉවත් කරවාගැනීමට අදාලව ගනු ලබන ක‍්‍රියාමාර්ග සම්බන්ධවත් මෙම සමුළුවේදී යෝජනා ගණනාවක් සම්මත කර ගැනීමට නියමිතව ඇති බව සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *