ලංකා තැපැල් සේවා සංගමයේ 12 වන සමුලූව හෙට (මැයි 30)

ලංකා තැපැල් සේවා සංගමයේ වාර්ෂික සමුළුව හෙට (මැයි 30) පෙ.ව.10.00 ට මහජන පුස්තකාල ශ‍්‍රවානාගාරයේ දී පැවැත් වීමට කටයුතු යොදා ඇති බව එම සංගමයේ සභාපති ජගත් මහින්ද සහෝදරයා පවසයි. මෙම සමුලූව පැවැත්වෙන මොහොත වන විට තැපැල් සේවකයින් තමන්ගේ ගැටළු මුල්කරගෙන අවස්ථා කිහිපයකම වැඩ වර්ජන කි‍්‍රයාමාර්ග පවා ගෙන තිබූ බවත් එහෙත් විසඳුම් නැති බවත් නැවත වැඩ වර්ජන ඇතුළු වෘත්තීය අරගල ගණනාවක් ගැනීමට ඉදිරි දින කිහිපයයේ නියමිත බවද ජගත් මහින්ද සහෝදරයා පවසයි. එමෙන්ම, බඩු මිළ ඉහල ගොස් බදු බර වැඩි කොට ඇති බවත් සිංගප්පූරු ගිවිසුම හරහා ශ‍්‍රී ලංකිකයින්ට හිමි රැකියා මෙන්ම ලබමින් සිටින වැටුප් අහිමි කරනු ඇති බවත් විධායක ජනාධිපති ධූරය අහෝසිකර ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනාගත යුතුව ඇති බවත් රටේ සම්පත් විකිණීම ට එරෙහිව කටයුතු කළ යුතු බවත් මේ කරුණු සම්බන්ධයෙන් මෙම සමුළුවේදී තිරණ ගැනීමට නියමිත බවද ඔහු පෙන්වා දෙයි.
සමුළුවේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ සහෝදරයා සහභාගි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *