ලෝක ගුරු වෘත්තීය සමිති සම්මේලනයේ ආසියානු කලාපිය සමුලූව හෙට (සැප්: 14) කොළඹ පදනම් ආයතනයේදී…..

ලෝක වෘත්තීය සමිති සමුලූවට (WFTU) අනුබද්ද ලෝක ගුරු වෘත්තීය සමුලූව හෙට (14) පෙ.ව. 9.30 ට කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වෙන බව ලංකා ගුරු සේවා සංගමයේ සභාපති දම්මික අලහප්පෙරුම සහෝදරයා පවසයි. මෙම සමුලුව ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් ජෝර්ජ් මව්රිකෝස් සහෝදරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.
එසේම මේ සදහා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත සහෝදරයා මෙන්ම, ලෝක ගුරු වෘත්තීය සමිති සම්මේලනයේ ආසියානු කලාපිය උප සභාපති හා ලංකා ගුරුසේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සහෝදරයා ඇතුලු වෘත්තීය සමිති නියෝජිතයින් සහභාගි වීමට නියමිතය.
එමෙන්ම මේ සදහා ඉන්දියාව, නේපාලය, කාම්බෝජය ඇතුලු රටවල් ගණනාවක විදෙස් නියෝජිතයින් රැසක් සහභාගි වීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *