වතු කම්කරුවන්ගේ අවම වැටුප රු. 1281 ක් කළ යුතුයි – ජේ.එම්. පේ‍්‍රමරත්න

වසර 200 ක් තිස්සේ අන්ත දරිද්‍රතාවයෙන් දිවි ගෙවන වතු කම්කරුවන්ට අලූත් ජීවිතයක් ලබාදිය යුතු බවත් ඒ වෙනුවෙන් වූ එක් පියවරක් ලෙස අවම වැටුප රු. 1281/- ක් කළ යුතු බවත් සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ ලේකම් ජේ.එම්. පේ‍්‍රමරත්න සහෝදරයා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. වතු කම්කරුවන් සිටින ප‍්‍රදේශවල දරුවන්ගේ මන්ද පෝෂණය 22% ක් බවද ඔවුන්ගේ ජීවිත නගා සිටුවීම වෙනුවෙන් ක‍්‍රියාමාර්ග ගැනීමට තම සංගමය මැදිහත්වෙමින් සිටින බවද මෙහිදී ජේ.එම්. පේ‍්‍රමරත්න සහෝදරයා පැවසීය. වතු කම්කරු වැටුප් වැඩිකර ගැනීමේ සාමූහික ගිවිසුම් කාලය අවසන් වී ඇති බවත් නව සාමූහික ගිවිසුමක් සඳහා සාකච්ඡුා පැවැත්වීමට සියලූ පාර්ශවයන්ගෙන් ඉල්ලා ඇති බවද මෙහිදී ඔහු පැවසීය. මෙම මාධ්‍ය හමුව සඳහා සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති කේ. සෙල්වරාජ්, උප ලේකම් කේ. කලයිචෙල්වි සහෝදරිය ඇතුලූ වෘත්තීය සමිති නියෝජිතයින් සහභාගී විය.
මෙම මාධ්‍ය හමුවේදී ජේ.එම්. පේ‍්‍රමරත්න සහෝදරයා දැක්වූ අදහස් සහිත හඩ පටය පහත පලකරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *