වතු කම්කරුවන් ඔක් 23 දා සිට විරෝධතා අරඹයි

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප 1281/- ක් විය යුතු බවත් ඒ වෙනුවෙන් ඔක් 23 දැවැන්ත විරෝධතාවය සඳහා වතු කම්කරුවන් පෙළගැස්වීමට කටයුතු කරන බවත් අද පැවති මාධ්‍ය හමුවකදී සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ ලේකම් ජේ.එම්.ඒ. පේ‍්‍රමරත්න සහෝදරයා පැවසීය. රටේ ජාතික ආදායමෙන් 13% ක් පමණ සපයන වතු කම්කරුවන් වසර 70 ක් තිස්සේ අන්ත අසරණ ජීවිතයක් ගෙවන බවත් ඔවුන්ව පැවති සෑම ආණ්ඩුවක්ම මගහැර යමින් සිටින බවත් ඔවුන්ට හිමි විය යුතු අලූත් ජීවිතයක් වෙනුවෙන් ඔක්. 23 දින කොළඹ දී පැවැත්වෙන දැවැන්ත විරෝධතාවය හා එක්වන බවත් වතු කම්කරු ඉල්ලීම් ජයග‍්‍රහණය සඳහා එතැන් සිට විරෝධතා අරඹන බවත් මෙහිදී පේ‍්‍රමරත්න සහෝදරයා පැවසීය. මෙම මාධ්‍ය හමුවේදී සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති කේ. සෙල්වරාජ් සහෝදරයා ද අදහස් දැක්වීය.

ජේ.එම්. පේ‍්‍රමරත්න සහෝදරයා දැක්වූ අදහස්

කේ. සෙල්වරාජ් සහෝදරයා දැක්වූ අදහස්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *