වතු වැඩ වර්ජනය නිමාකර වැටුප් වැඩි කිරීමට ජනාධිපති මැදිහත්ව්ය යුතුයි

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමට කටයුතු කර ඔවුන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය නිමා කිරීමට ජනාධිපතිවරයා වහාම මැදිහත් විය යුතු බව සමස්ත ලංකා වතු කම්කරු සංගමය පවසයි. අද (11) දින හැටන් හිදී පැවැති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති කේ. සෙල්වරාජ් සහෝදරයා මේ බව පැවසීය.
දෙසැම්බර් 04 දින සිට දින 07 ක් තිස්සේ වතු කම්කරුවන් වැඩ වර්ජනයක නිරතව සිටින බවත් මෙම වැඩ වර්ජනය නිසා මේ වන ව්ට වැව්ලි කර්මාන්තයේ 75% කටත් වඩා අකර්මන්‍ය වී ඇති බවද තවදුරටත් වැඩ වර්ජනය හා උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ග ව්‍යාප්ත වෙමින් තිබෙන අතර එසේ වීමෙන් වැව්ලි නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවද ඔහු මෙහිදී පැවසීය. ලංකාවේ ප‍්‍රධාන අපනයන භාණ්ඩය වන තේ අපනයනය නතර වීමෙන් ලංකාවට ව්දේශ ව්නිමය ලැබීමද නවතින බවත් ඇමතිවරු හා කැබිනට් මණ්ඩලයද නොමැති තත්වයක් තුළ ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් වැව්ලි සමාගම් කැඳවා වතු කම්කරු වැටුප් වැඩි කිරීමට මැදිහත්වන ලෙසද මෙම මාධ්‍ය හමුව අමතමින් කේ. සෙල්වරාජ් සහෝදරයා පැවසීය.
මෙම මාධ්‍ය හමුව සඳහා සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති කේ. සෙල්වරාජ්, ලේකම් ජේ.එම්.ඒ. පේ‍්‍රමරත්න හා උප ලේකම් ක‍්‍රිෂ්ණන් කලෙයිචෙල්ව් යන සහෝදර සහෝදරියන් සහභාගි ව්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *