වර්ජනය තාවකාලිකව අවසන්

අධ්‍යාපන සේවාවට දේශපාලන හිතවත්කම් මත බඳවාගැනීමට සකස් කළ නාමලේඛනය තාවකාලිකව නවතා දැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දු වූ බැවින් හෙට (26) පැවැත්වීමට නියමිතව තිබූ වර්ජනය අත්හිටවූ බව අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය එකමුතුව සඳහන්කරයි. ඊ‌ය‌ේ (25) ‌කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී ඒම සංවිධානය ‌‌ම‌ේ බව පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සහෝදරයා සඳහන් කර සිටියේ අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය එකමුතුවේ නියෝජිතයෝ 08 දෙනෙකු සහ ජනාධිපතිවරයා අතර පැයකට ආසන්න කාලයක් පැවති දීර්ඝ සාකච්චාවකික් පසු පැමිණි එකඟතා මත හෙට පැවැත්වීමට නියමිත වර්ජනය තාවකාලිකව නතර කළ බවයි.

අදාළ ගුරුපත්වීම් 1014 ලබාදුනහොත් සිදුවියහැකි බරපතල තත්වයන් පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසු පැවති දීර්ඝ සාකච්ඡාවෙන් අනතුරුව මෙම පත්වීම් සියල්ල තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපතිවරයා තීරණය කළ බවද මහින්ද ජයසිංහ සහෝදරයා සඳහන් කළේ ය.

අධ්‍යාපන අමාත්‍යංශ කමිටුවක් මගින් තෝරාගත් දේශපාලන පළිගැනීම්වලට ලක් වුවන් බව කියන ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගේ පෞද්ගලික ලිපි ගොනු පරීක්ෂා කිරීමටත් ඔවුන් සැබැවින්ම දේශපාලන පළිගැනීම්වලට ලක්වුවන්දැයි සොයා බැලීමටත් අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය එකමුතුව කළ යෝජනාව පිළිගනිමින් ජනාධිපතිවරයා අදාළ අංශ වෙත ඊට උපදෙස් ලබා දී තිබේ.

මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය එකමුතුවේ මහින්ද ජයසිංහ, ප්‍රභාත් විතානගේ, නීත් අතුකෝරාල, යල්වෙල පඤ්ඤාසෙකර හිමි, ජෝෂප් ස්ටාලින්, සුනිල් ප්‍රේමතිලක, ජගත් ආනන්ද සහ දිසානායක යන සියලු දෙනාම එක්වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *